ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කරන්නේ නම් ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ නමින් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම පක්‍ෂයේ ලකුණ සහ තනතුරු ගැන ඉදිරියටත් සාකච්ඡා කරන බව ද අමරවීර මහතා කීවේය.
එහි ජනාධිපතිවරණය අපේක්‍ෂකයා ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කී අමරවීර මහතා ඒ සම්බන්ධයෙන් කරගෙන යන සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් වෙන වෙනම අපේක්‍ෂකයින් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයි ද මහලේකම්වරයා පැවසීය.
එසේ වුවහොත් එම අපේක්‍ෂකයින් දෙදෙනාම පරාජය වී වෙනත් පාර්ශවයක අපේක්‍ෂකයකු ජය ගනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Why don’t you fly a kite ?