විදේශ පුවත්

නවතම අධ්‍යයන වාර්තාවකට අනුව අමෙරිකාව ලොව ප්‍රමුඛතම කසල නිපදවන්නා බවට පත්ව තිබෙන බව තහවුරු වේ. එක්සත් රාජධානිය පදනම්ව ක්‍රියාත්මක වන “ජගත් උපද්‍රව සහ රාජ්‍ය උපද්‍රව විශ්ලේෂණ පර්යේෂණ සහ උපදේෂණ ආයතනයක” පර්යේෂකයෙකු වන වෙරිස්ක් මේප්ල්ක්‍රොෆ්ට් විසින් සකස් කර ඇති වාර්තාවකින් මේ බව අනාවරණය වේ.

එම අධ්‍යනයට අනුව ලෝකයේ නාගරික කසල නිෂ්පාදනයෙන් 12% ක ප්‍රමානයකට වගකියන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. එම ප්‍රමානය ලෝකයේ නාගරික කසල නිෂ්පාදනයේ මධ්‍යස්ථ අගය මෙන් තුන් ගුනයක් වන අතර සමස්ථ ලෝක ජනගහනයෙන් අමෙරිකා එක්සත් ජනපදය තුල ජීවත් වන්නේ 4%ක ජනගහනයක් පමණි.

වාර්තාව වැඩි දුරටත් අධ්‍යනයෙන් පෙනී යන්නේ ගොඩ ගැසුනු සුන්බුන් වල පරිමානයෙන් විශාල කොටසකට වග කියනු ලබන්නේ ගෝලීයකරණය වූ පාරිභෝගික භාන්ඩ නිෂ්පාදනයන් වන McDonald’s,Coca Cola,Starbucks සහ Black Friday වැනි නිෂ්පාදක්යන් බවයි. මෙම සමාගම් නිපදවන කසල වලින් 35%ක් පමණ වන ප්‍රමානයක් ප්‍රතිචක්‍රීකරණයට භාජනය වන බව පැවසේ.

පර්යේෂණ වාර්තාවට අනුව අමෙරිකාව තුළ වාර්ශික ඒක පුද්ගල කසල නිෂ්පාදනය කි.ග්‍රෑම් 773ක් වන බවයි. එම ප්‍රමානය චීනයේ වාර්ෂික ඒක පුද්ගල කසල නිෂ්පාදනය මෙන් තුන් ගුණයකි. තවද අමෙරිකාවේ නාගරික කසල නිෂ්පාදනය ඉන්දියාවේ නාගරික කසල නිෂ්පාදනය මෙන් හතර ගුනයකින් වැඩිය.
නමුත් පර්යෙෂණ වාර්තාවට අනුව අමෙරිකා එක්සත් ජනපදය අවිධිමත් අපද්‍රව්‍ය කලමනාකරනයේ එකම වග උත්තරකරුවා නොවේ.කසල ප්‍රතිචක්‍රීකරනයේදී අමෙරිකාවට වඩා ප්‍රශස්ත මට්ටමකින් කටයුතු කළද අනෙකුත් කාර්මික රටවල් වන එක්සත් රාජධානිය,කැනඩාව,ජර්මනිය,නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්ද මතුපිටින් දකිනවාට වඩා ජගත් කසල නිෂ්පාදනයට වගකිවයුතු රටවල් බව තහවුරු වේ.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More