වහාබ් අන්තවාදයට එරෙහි ජන රැලිය අද (04) හවස 3ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි.
ශ්‍රී ලංකාව ඇමරිකානු ගොදුරු බිමක් බවට පත් කිරීමටත්, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අරාබිකරණ ව්‍යාපෘතියට හා ඒහා බැඳුණු අන්තවාදයටත්, වහබ්වාදය රකින ආණ්ඩ්‍රුවේ ඇමතිවරු මෙන්ම ඇමරිකානු න්‍යාය පත්‍රය හිස මත තබාගෙන යන අන්තවාදී මැති ඇමතින් පෝෂණය කරන ආණ්ඩුවටත් එරෙහිව මෙම දැවැන්ත ජන රැළිය කැඳවන බව එහි කැඳවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
මෙහි දී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, මාදුරුඔයේ ධම්මිස්සර යන හිමිවරුන්ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, කලාශිල්පී මධුමාධව අරවින්ද, රංගන ශිල්පීණී අනුෂා දමයන්ති යන මහත්ම මහත්මීන්ද රැලිය ඇමතීමට නියමිතය.
වහාබ් අන්තවාදීන් විසින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළු කෲර වදහිංසා රැසක තොරතුරු සමගින් සුවිශේෂී හෙළිදරව්වක් තමා විසින් අද නුගේගොඩදී පැවැත්වීමට නියමිත වහබ්රවාදයට එරෙහි ජන රැලියේදී රටට හෙළි කරන බව ජාතික විද්වත් භික්ෂු සංසදය සම කැඳවුම්කරු මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසතිසති. වහබ් වාදයට එරෙහි මුස්ලිම් ජාතිකයන් ඇතුළු 20 දෙනකු පමණ මෙම අන්තවාදීන් විසින් ඝාතනය කර තිබෙන බවත්, තවත් පිරිසකට කෘෘර වධහිංසා පමුණුවා තිබෙන බවත් පෙන්වා දෙන පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කරන්නේ මෙම සියලු තොරතුරු තමා අද පැවැත්වෙන ජන රැලියේදී රටට හෙළි කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...