දේශීය පුවත්

අමාත්‍ය ධුරයෙන් ඉවත් වු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නැවත් අමාත්‍ය ධුරය ලබා ගැනීම සඳහා සුදානමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ (03) දුෂණ විමර්ෂණ කොමිසන් සභාව වෙත ඊයේ (03) මන්ත්‍රී උදය ගම්මන්පිල කැදවා තිබුණා.

එම අවස්තාවේදි මාධ්‍යවේදින  නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට සහ පවුලේ පිරිසට මන්නාරමේ  අක්කර 3000කට අධික දෙපල ඇති බවට තමන් ලඟ සාක්ෂි ඇති බවට දුෂණ සොයන කොමිසමට ලැබි ඇති තොරතුරු අනුව තමන් අද කොමිසම වෙත කැදවු බව ගම්මන්පිල මන්ත්‍රවරයා පැවසීය.

තමා ලඟ ඇති තොරතුරු අනුව එම දෙපල රිෂාඩ් මන්ත්‍රීවරයාට සහ ඔහුගේ පවුලේ සමාජිකයන් අතර බෙදි ඇති ආකාරය සම්බන්ධයෙන් කොමිසමට පැහැදි කළ බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වු ගැටුම්කාරි අවස්තාවන්හිදි තමන්ට කිසිදු බල කිරීමක් සිදු නොකල බව යුද හමුදාපිතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු තෙරිම් කාරක සභාව ඉදිරියේ දී ප්‍රකාශ කලද ඊට පෙර මාධ්‍ය ඉදිරියෙ හමුදාපතිවරයා කළ ප්‍රකාශ අනුව එය එසේ නොව බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

එයින් ඇඟවෙන්නේ  හමුදාපතිත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බිය වී ඇති බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

මෙවැනි තත්ත්වයක් යටතේ  නැවතත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අමාත්‍යධුරය ලබා ගත්තොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලට බලපෑම් එල්ල විය හැකි බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව යටතේ ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමටත් ඕනෑම ජාතියක පුද්ගලයෙකු සමඟ විවාහ වීමටත් අයිතිය සලසා දී ඇති බවත් නමුත් වර්තමානයේ මේ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයත් උද්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කිසිදු අගමකට අනුව රටේ ව්‍යවස්තාව වෙනස් කළ නොහැකි බවත් පවතින ව්‍යවස්තාවට අනුව ආගම් හැඩගස්වා ගැනීම පමනක් කළ හැකි බවත් මන්ත්‍රීවරයා පවසයි.

වහබ් අන්තවාදය නිසා වැඩි වශයෙන්ම පිඩාවට පත් වී සිටින්නේ මුස්ලිම් ජාතිකයන්ම බවත්  මුස්ලිම් කාන්තාවන් වැඩි වශයෙන් එයින් පිඩා විදින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහිදි මාධ්‍යවේදින් නැගු පැනයකට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂ ලේකමවරයා අත්අඩංගුවට ගැනීමෙන් පමනක් ප්‍රහාර සම්බන්ධ ගැටළුව විසදිය නොහැකි බැවින් ප්‍රහාර එල්ල වන බව දැන දැන එය ජනතාවගෙන් වසන් කරගෙන සිටි සියලු දෙනාට දඬුවම් කළ යුතු බවය.

පොලිස්පතිවරයා තොරාපත් කර ගැනීම සිදු කළ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු ව්‍යවස්ථාධායක සභාව අතිශයෙන් ඔවුන්ගේ තීරණ ගැන ලැජ්ජා විය යුතු බවද එසේම ඉල්ලා අස් විය යුතු බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More