ව්‍යාපාරික පුවත්

රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ලෝකප‍්‍රකට ලෝන්ලි ප්ලැනට් සංචාරක සඟරාව යළිත් ප‍්‍රකාශ කිරීම අපේ රට ලද ගෞරවයක් බවත් ඒ ගෞරවය යළි ලබා ගැනීම සඳහා වෙහෙසුණු සංචාරක ක්‍ෂේත‍්‍රයේ ලොකු කුඩා සියලූ පාර්ශ්වකරුවන්ට තම ස්තුතිය පුද කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඊයේ (03 වනදා) විශේෂ ප‍්‍රකාශයක් කරමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ සංචාරක ව්‍යාපාරය යළි ඉහළට ඔසවා තැබීම උදෙසා තම රජය පූර්ණ සහය සහ අනුග‍්‍රහය ලබා දීමට කටයුතු කරන බවය.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

‘‘ශ‍්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ප‍්‍රසිද්ධ සංචාරක සඟරාවක් වන ‘‘ලෝන්ලි ප්ලැනට්’’ සඟරාව මේ වසර ආරම්භයේදී ප‍්‍රකාශයට පත් කර තිබුණා. නමුත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාවේ සිටි සංචාරකයන් රටින් පිටව ගියා. ඒ අවස්ථාවේ ලෝන්ලි ප්ලැනට් සඟරාව සංචාරක ක්‍ෂේත‍්‍රය තුළ ශ‍්‍රී ලංකාවට ලබාදුන් ස්ථානය අපේ රටට අහිමි වී යනු ඇතැයි සියලූම දෙනා කල්පනා කළා.

නමුත් පසුගිය සතියේ ලෝන්ලි ප්ලැනට් සඟරාව නැවතත් ප‍්‍රකාශයට පත් කර තිබුණේ ගැටලූ තිබුණත් තවමත් ලෝකයේ සංචාරය කළ යුතුම ගමනාන්තය ශ‍්‍රී ලංකාව බවයි. එය අපට ආඩම්බරයට කරුණක්.

විවිධ ගැටලූ තිබුණත් ඒවා නොතකා ශ‍්‍රී ලංකාවේ ජනතාව සිනහමුසුව තමන් පිළිගත් බවයි එම සඟරාව ප‍්‍රකාශ කර තිබෙන්නේ. තමන් ශ‍්‍රී ලංකාව පුරා සංචාරය කළ බවත්, මේ වනවිට රට තුළ සංචාරය කිරීමට ගැටලූවක් නොමැති බවත් ඔවුන් පවසා තිබෙනවා.

මේ තුළින් ශ‍්‍රී ලංකාවේ අපිට විශාල ධෛර්යයක් ලැබෙනවා. සංචාරක ව්‍යාපාරය නැවත නඟාසිටුවීමට අපේ රජය විසින් පියවර කිහිපයක්ම ගෙන තිබෙනවා. එවැනි පියවර රැුසක් ඉදිරියටත් ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය නැවත නඟාසිටුවීමට සංචාරක කර්මාන්තයේ නියැළෙන ලොකු කුඩා සියලූම පුද්ගලයන් ගත් උත්සාහයට ස්තුතිවන්ත වෙනවා.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් පසු එදිනම ආරක්‍ෂක අංශ වෙත මම උපදෙස් ලබාදුන් පරිදි අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් සියලූ දෙනාම අත්අඩංගුවට ගෙන මාස දෙකක් ගතවීමටත් පෙර රට නැවතත් යථා තත්වයට පත් කිරීම පිළිබඳව ආරක්‍ෂක අංශවලටත් ස්තුතිය පිරිනමනවා.

ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත නැවතත් රටට ආදායම් ලබාදෙන කර්මාන්තයක් බවට ඉක්මනින් පත්වනු ඇති බව මම විශ්වාස කරනවා.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More