දේශීය පුවත්

මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල වන බවට බුද්ධි අංශ ලිඛිතව හා වාචිකව දැනුවත් කර තිබියදීත් ඒවා වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට ගතයුතු කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම නිසා සිය ගණනකගේ ජීවිත හානි වූ බවත් තමන් වෙත පැවරී තිබූ රාජකාරිමය වගකීම් ප‍්‍රබල ලෙස පැහැර හැර ඇති සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා හා පූජිත් ජයසුන්දර මහතා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ගැනෙන මිනීමැරීමේ වරද සිදුකර හා ඒ සඳහා ආධාර අනුබලදීමක් සිදුකර ඇතැයි නීතිපතිවරයා ඊයේ (03 දා) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට පෙන්වා දුන්නේය.

එම සැකකරුවන් දෙදෙනාට දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ ගැනෙන චෝදනා එනම් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමේ චෝදනා ගොනුකර ඇත්තේ කුමන නීතිමය පදනමක් මත දැයි මහෙස්ත‍්‍රාත්වරිය ඇසූ පැනයට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා එලෙස ප‍්‍රකාශ කළේය.

පුරා තිස්වසරක් තිස්සෙ රට තුළ පැවැති යුද්ධයේ අත්දැකීම් ඇති ජනතාවට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර අලූත් අත්දැකීමක් නොවන බවත් එවැනි අත්දැකීම් සහිත රටේ ආරක්ෂාව භාරව සිටිය ඉහළම නිලධාරීන් වන සැකකරුවන් තමන් වෙත රාජ්‍ය බුද්ධි අංශ විසින් අවස්ථා කිහිපයකදීම මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල විය හැකි බවට කළ අනතුරු ඇ`ගවීම් හා එවැනි බෝම්බ ප‍්‍රහාරවල බරපතළකම පිළිබඳව දැනුවත්ව සිටිය යුතුව තිබුණේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

මනුෂ්‍ය ඝාතන සිදුවන බවට දැනීමක් තිිබියදී හා ඒ බවට නිශ්චිතව තොරතුරු ලැබී තිබියදීත් එකී ඝාතන වළක්වා නොගැනීම මගින් එම සැකකරුවන් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 294 යටතේ විග‍්‍රහ කර ඇති අපරාධමය වැරදි සිදුකර ඇති බව මනාව පැහැදිලි වන්නේ යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More