මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිලිබඳ කුරුණෑගල රෝහල සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මේ වන විට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එම වාර්තාවට අනුව ෂාෆි වෛද්‍යවරයා සිතා මතාම සිංහල මව්වරුන්ට අගතියක් වන ආකාරයට කටයුතු කර ඇති බව හෙළි වී ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්චාවක දී කරුණු අනාවරණය කළ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් නැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ සාවද්‍ය කරුණු පිළිගන්නේ ද, වෛද්‍යවරුන් මුලික වී සිදුකළ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල පිළිගන්නේ ද යන්න ජනතාවට බාර බව ප්‍රකාශ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට දින කිහිපයකට පෙර පැවසුවේ ෂාෆි වරදක් කර ඇති බව සොයා ගැනීමට තමන්ට නොහැකි වූ බවයි. ඒ සමගම ඉස්ලාම් අන්තවාදීන්, නිරාගමිකයන් සහ මාක්ස්වාදීන් ෂාෆි වෙනුවෙන් ඉදිරියට පැමිණ සමාජ ජාලාවල ඉතා ක්‍රියාකාරීව අදහස් දක්වන්නට විය.
කුරුණෑගල රෝහල සිදුකළ පරීක්ෂණය අනුව වෛද්‍ය ශාෆි සිසේරියන් සැත්කම් 4372ක් සහ සාමාන්‍ය දරු ප්‍රසුති 79ක් සිදු කර ඇත. මේ අතුරින් සිංහල මව්වරුන් 3479ක්, මුස්ලිම් මව්වරුන් 860 ක් සහ දෙමල මව්වරුන් 33ක් ඔහු යටතේ සිසේරියානු සැත්කම්වලට භාජනය වී ඇත. විමර්ශනයෙන් හෙළි වූ වැදගත් කරුණු,
*ශල්‍යාගාරයේ කාර්ය මණ්ඩලය තුළ අනවශ්‍ය පීඩනයක් ඇතිවන ආකාරයේ කලබලයකින් සහ වේගයකින් ෂාපි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කර ඇත.
*සිංහල මව්වරුන්ට ඉතා අඩු කාලයකින් සිසේරියන් සැත්කම් සිදු කර ඇත. මුස්ලිම් මව්වරුන්ට ඊට වඩා සැලකිය යුතු කාලයක් ගත කර ඇත.
*සිසේරියන් සැත්කම්වලදී සිංහල මව්වරුන්ගේ ගර්භාෂය මැසීමට එක ස්ථරයක් ලෙස මැහුම් යොදයි. මුස්ලිම් මව්වරුන්ට ස්ථර දෙකක මැහුම් යොදයි. කෙසේ වෙතත් රෝහලේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ගර්භාෂය මැසීමට ස්ථර 2ක් මැහුම් යොදයි.
*සිසේරියන් සැත්කමේදී ගර්භාෂය මැසීමෙන් පසුව පෙරිටෝනියම් කුහරය අනෙක් වෛද්‍යවරුන්ට වඩා රළු ආකාරයට පිරිසිදු කරයි.
*ෂාපි වෛද්‍යවරයාගේ සිසේරියන් සැත්කම්වලින් පසු මුත්‍රවාහිනී හානි වීම්, ගර්භාෂ ඉවත් කිරීම් හා පසු රුධිර වහනයවීම් වැනි සංකුලතා ඉහලය. ඒවා සාතිශය බහුතරය සිංහල මව්වරුන් සදහාම සිදු වී ඇත.
*මවගේ හෝ පියාගේ අනුමැතියකින් තොරව මව්වරුන් 11 දෙනකුට නීතිවිරෝධී ආකාරයට LRT සැත්කම් සිදු කර ඇත. ඒ බව ඇද ඉහපත් වාර්තා මගින් සනාථ වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...