දේශීය පුවත්

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ස‍මයේ යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ඉඩම් අක්කර 75 ක පමණ ප්‍රමාණයක් යොදාගනිමින් යාපනය ජනාධිපති මන්දිරය ඉදිකළද අවට ඉඩම් මේ දක්වා මුල් අයිතිකරුවන්ට ලබා දීමට වත්මන් ජනාධිපතිතුමන් පියවර ගෙන නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසුවේය.

හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා මේ බවසා සිටියේ ඊයේ (02) දින යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වූ අවස්ථාවේදීය

එහිදී සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් අනතුරුව යාපනයට පැමිණි අවස්ථාවේ අදාළ ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශය ජනතාව වෙත ලබාදෙන බවට පැවසුවද අදාළ පොරොන්දුව මේ දක්වා ඉටු නොවු බවටයි.

එමෙන්ම වර්තමානයේදී උතුරු පළාත තුළ රජයේ හා පෞද්ගලික ජනතාවගේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් තවමත් ආරක්ෂක අංශ සතුව පවතින බවද එම ඉඩම් ලබා දීම සඳහා මෙතෙක් වත්මන් බලධාරීන් පියවර ගෙන නොමැති බවටද විග්නේශ්වරන් මහතා සදහන් කළේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More