දේශීය පුවත්

එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නියමිත බව සදහන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු වංචනික ලෙස මුදල් රැස්කිරීමේ කටයුත්තක නිරත බවට බරපතල චෝදනාවක් එල්ල වී පවති.

මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ ජනාධිපති සිරිසේනගේ හිටපු කාර්‍ය මණ්ඩල නිලධාරීයකු වන ඕෂල හේරත් විසිනි.

එසේම මෙම ගිණුම පුද්ගලික ගිණුමක් වන නිසා තොරතුරු දැනගැනීමේ පණත් යටතේ වුව ද තොරතුරු ලබා ගැනීම සීමා වනු ඇත.

ඒ සම්බන්ධව ඕෂල හේරත් ඊයේ (02) දින ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවිය හරහා පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර එය පහත දැක්වෙයි.

පොලිස්පති තුමා
ශ්‍රී ලංකා පොලිසිය
කොළඹ

පොලිස්පති තුමණි,

2019 වසරේ එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවට හොවා දක්වමින් වංචනික ලෙස මුදල් එක්රැස් කිරීම

02/07/ 2019 දින ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කල පහත පැමිණිල්ල ඔබේ අවධාන සදහා මෙසේද යොමු කරමි. (Referance Number : 10d2f3cfdcv184065367)

නො 22, වට මාවත පිළියන්දල ලිපිනයේ පදිංචි වන මම , හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් වන ඉහත මාතෘකාවට අදාලව මගේ පැමිණිල්ල මෙසේ යොමු කරමි.

99, සුබධ්‍රාරාම පාර, නුගේගොඩ නගානන්ද කොඩිතුවක්කු නම් පුද්ගලයා විසින් තමා ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට සදහන් කරමින් වංචනික ලෙස මුදල් එක්රැස් කිරීමේ කටයුත්තක නිරත වේ. ඔහු ජනාධිපතිවරණය සදහා තරග කිරීමට රුපියල් මිලියන 500 – 750ක් පමණ මුදලක් අවශ්‍ය බව සදහන් කරමින් නුගේගොඩ ලංකා බැංකුවේ ඒ වෙනුවන් ගිණුමක් ඔහුගේ නමින් ස්ථාපනය කර මුදල් එක්රැස් කිරමින් කටයුතු කරමින් සිටිනවා. ඔහු මෙම මුදල් එකතු කිරීම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා සිදු කරමින් සිටිනවා.

ගැටලුව වන්නේ මොහු ප්‍රකාශ කරන පරිදි ඉදිරියේ එන ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්ව ලැබීමට මැතිවරණ නීති වලට අනුව මුලික සුදුසු කම් සපුරා නෑ. එනම් ඔහු ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකේම ද්විත්ව පුරවැසිලබියෙකි. පවතින නීතියට අනුව එය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු කමකි. දෙවන කාරණය ජනාධිපතිවර්ණ අපේක්ෂයකයකු විය හැක්කේ ලියා පදිංචි දේශපාලන පක්ෂයක් හරහා පමණි. එසේ නැත්නම් ස්වාධින අපේක්ෂකයකු ලෙස කටයුතු කිරීමට ඔහු දැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබිය යුතුය. නගානන්ද කොඩිතුවක්කු වන මොහු හට කිසිම ලියාපදිංචි පක්ෂයක අනුග්‍රහය ලැබෙන බවට හෝ ඔහු සම්බන්ධ බවට කිසිම සදහනක් නොමැත. ඒ අනුව ඔහු ඒ සුදුසු කමද සපුරා නොමැත. ඔහු විනිවිද පදනම නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන ලබන අතර දැන ගැනීමට ලැබී ඇති තොරතුරු අනුව විනිචිද පෙරමුණ නමින් ඔහු පක්ෂයක් ලියා පදිංචි කිරීමට උත්සහ දාරා ඇති අතර එය මැතිවරණ කොමිසම මගින්ද ප්‍රතික්ෂේප කර තිබේ. තවද ඔහු මෙම මුදල් එක්රැස් කරනුයේ ලියාපදිංචි පක්ෂයක නමකින් වත් සංවිධානයක නමකින් වත් වන ගිණුමකට නොවීම මෙය වංචනික ක්‍රියාවක් බවට වඩාත් සැකයක් දනවයි

කරුණු කාරණා එසේ තිබියදී ඔහු දිගින් දිගට අන්තරජාලය සහ සමාජ මාධ්‍ය හරහා මහජනතාව නොමග යවිම්න් මුදල් එකතු කිරීම වංචනික ක්‍රියාවකි. ඔහු ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ පවත්වාගෙන යනු ලබන මුදල් එකතු කරන ඔහුගේ පෞද්ගලික ගිණුමේ අංකය. 829 68 430. මොහු කරනු ලබන මෙම වංචනික ක්‍රියාවේ අන්තර්ජාල සටහන් ඔහුවිසින්ම විනිවිද පදනම නමින් පවත්වාගෙන යන youtube ගිණුමේ අඩංගු වේ. (https://www.youtube.com/watch?v=Rqh_3pHlACY) ඔහු සදහන් කරන තොරතුරු වලට අනුව මෙම වංචනික ක්‍රියාක ලෙස සැලකිය හැකි මෙම ක්‍රියාව ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරි වරයා සහ ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ කළමනාකාර වරයාගේ අනුදැනුම ඇතිව කරන වංචනික ක්‍රියාවකි.

ඔහු වෘත්තියෙන් නීතිඥයෙකු ලෙස සදහන් කලත් ශ්‍රේෂ්ඨාධිකරණය අපහාසකිරීමේ චෝදනා මත වරද කරුවකු වී දැන ඔහු වසර තුනක් සදහා වෘත්තීය නීතිඥයකු ලෙස පෙනිහිටීම වළක්වමින් අධිකරණය විසින් දඩුමක් ලබා දී තිබේ. (SC/Rule/1/2016)

මෙම කරුණු සැලකිල්ලට ගෙන මගේ මෙම පැමිණිල්ල විභාග කර තව දුරටත් මෙම වංචනික ක්‍රියාව ඉදිරියට සිදු වීම වලකා මහජනතාව මෙම වංචනික කටයුත්තෙන් ගලවා ගන්නා මෙන් කාරුණික ඉල්ලා සිටිමි.

මිට

විශ්වාසී

ඕෂල හේරත්
763560481v
ජංගම දුරකතන අංකය: 0773062021



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More