දේශීය පුවත්

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි දීමණා ලබාදීමේදී ඇතිවූ ගැටුමකින් අණතුරුව,ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී (පොහොට්ටුව) නුවන් විදානගමගේ මහතා පහරකෑමට ලක්ව ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

කොළොන්න එ.ජා.පක්ෂයේ සංවිධායක පී.අබේනායක මහතා ජනතාව බලා සිටියදී තමන්ගේ කණට පහරක් එල්ල කළ බව මන්ත්‍රීවරයා පවසයි.

අද (03) පෙරවරුවේදී ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නව සමෘද්ධිලාභීන් සදහා සමෘද්ධි සහණාධාර ප්‍රධානය කිරීමට උත්සවයක් සංවිධානය කර තිබිණමෙම උත්සවය පෙරවරු 9ට පමණ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්බ විය.ඒ ප්‍රාදේශීය ලේකම් ප්‍රසංග උදයකාන්ත මහතා සහ කොළොන්න ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක හිටපු පාර්ලිමේන්තු පී.අබේනායක මහතාගේ  ප්‍රදානත්වයෙනි.

මෙහිදී සංකේතවත් වශයෙන් 200 පමණ දෙනාට රැස්වීම් ශාලාවේත් ඉතිරි 2000 කට වැඩි පිරිසකට ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ ලබාදීමට කටයුතු සංවිධානය කර තිබිණි. 2669 දෙනෙකුට ප්‍රථම අධියර යටතේ සමෘද්ධි දීමනා ලබාදීමට කටයුතු සූදානම් කර තිබිණි.

මෙහිදී තවත් සමෘද්ධි ලබනවට වඩා පිරිසක් තමන්ට සමෘද්ධි සහණාධාරය නොලැබුන බවත් තමන්ද සුදුසුකම් ලැයිස්තුවේ සිටින බවත් පවසමින් රැස්වීම් ශාලාවට ඇතුලු වීමට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේක්ම් කොට්ඨාශයේම පිරිසක් පැමිණ සිටින ලදී. ඒ පිරිස සමෘද්ධි දීමනා ලබා දෙන රැස්වීමට යෑමට උත්සාහ කලද පොලීසිය හා නිළධාරීන් විසින් ඔවුන්ට අවසර ලබා දුන්නේ නැහැ. මේ පිරිස සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ එම පක්ෂයේම නුවන් විධානගමගේ මන්ත්‍රීවරයාද නිළධාරීන් හා පොලීසිය සමග උණුසුම් වාග් ප්‍රහාර එල්ලකරගන්නට විය. මේ වන විට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ 5000ක් පමණ පිරිසක් සිටිනු දක්නට විය.

ඇඹිලිපිටිය පොලීසියේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා හා නිලධාරීන් පැමිණ මෙය සමතයකට පත් කිරීමට උත්සාහ කලද එය ව්‍යර්ථ විය. මාධ්‍යවේදීන්ට පමණක් රැස්වීම් ශාලාව ඇතුලට ගමන් කිරීමට පහසුකම් සලසා තිබිණි. මේ තත්වය මත රැස්වීම් ශාලාව ඉදිරිපිට සමෘද්ධි සහනාධාරය නොලැබූ පිරිස වාඩිවී තම විරෝධය දක්වන්නට විය. මෙහිදී ඇතැම් අය චෝදනා කලේ ඇතුලට ගිය පිරිස් වලට ඇතුලේ සිටි පිරිස් ප්‍රථමයෙන් පහරදුන් බවයි. පසුව මේ තත්වය මෙසේ තිබියදී අද දින ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයට පැමිණ රජයේ නිළධාරීන් තම රාජකාරී කටයුතු කර ගැනීමට නොහැකිව අන්දමන්ද වී සිටින අයුරු දක්නට හැකි විය.

ප්‍රාදේශීය ලේකම්වරයා රැස්වීම් ශාලාවෙන් පිටට පැමිණ විරෝධතාකරුවන් හමු වීමට පහල මාලයට ආරාධනා කරන ලදී. අනතුරුව පිරිසෙන් කොටසක් පහල මාලයට පැමිණ ප්‍රාදේශීය ලේකම්වරයා සමග සාකච්ඡා කරන්නට විය. අනතුරුව උත්සවය නිමාකර එක්සත් ජාතික පක්ෂයේ කොළොන්න ආසන සංවිධායක පී.අබේනායක මහතා පැමිනෙනවාත් සමග පිරිස හූ හඩ තබමින් උද්ඝෝෂණය කරන ලදී.

මෙහිදී පොලීසිය හා සිටි පිරිස මගින් ආසන සංවිධායකවරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානම් වුවද පොලීසිය තල්ලු කර දමමින් හූ තබන පිරිස වෙත මන්ත්‍රීවරයා ගොස් ඔවුන්ට බැණ වදින ආකාරය අපට දක්නට ලැබිණි. මෙහිදී මන්ත්‍රීවරයා විසින් නුවන් විධානගම පොහොට්ටුවේ මන්ත්‍රීවරයාට පහරදුන් බව ජනතාව කෑ ගසන්නට විය. අනතුරුව නුවන් විදානගමගේ මන්ත්‍රීවරයා තමාට කම්මුලට පී. අබේනායක මහතා පහරදුන් බව මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී. ආසන සංවිධායක පී.අබේනායක මහතා විසින් මාධ්‍යන්ට අදහස් ප්‍රකාශ කිරීම සදහා සූදානම් වී අදහස් ප්‍රකාශ කරන අතරතුර නැවතත් හූ හඩක් නැගිණි. මන්ත්‍රී වරයාට හිටි තැන අමතක විය. හූ තිබූ අයට බැණ වදින්නට වූහ.

පසුව ආසන සංවිධායකවරයාගේ කණට ලංකර ඔහු සමග පැමිණි ආධාරකරුවෙකු මාධ්‍ය සිටිනා බව පැවසීමත් සමග මන්ත්‍රී වරයාට සිනා යන ලදී. අසභ්‍ය වදන කීම ඉන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා විසින් නවතා දමන ලදී. ඉන් අනතුරු ආසන සංවිධායකවරයා සමග පැමිණි ආධාරකරුවන් පිරිස එම ස්ථානයේ සිටි ජනතාවට බැණ වදින්නට විය. පසුව ඇඹිලිපිටිය පොලීය නැවතත් පැමිණ එ ජා ප ආසන සංවිධායක වරයා ඇතුලු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානම් කලද එයද පලක් නොවීව. පසුව ඔහු මේක මගේ ගම මම මොකටද බයවෙන්නේ යනුවෙන් ප්‍රකාශ කරමින් ප්‍රධාන මාර්ගයට පාගමනින් පැමිණ ටික වෙලාවක් සිට නැවත යන්නට පිටත් විය.

පහර කෑමට ලක්වූවායි කියන නුවන් නිදාන ගමගේ මන්ත්‍රී වරයා මේ වන විට ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සීටී. පසුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුපස පිහිටි අඩි 40ක් පමණ උස වතුර ටැංකිය මතට නැග ආර්.සුමතිරත්ත තිත්තවැල්පත, සුරංග තිත්තවැල්පත යන දෙදෙනා උපවාසයක් ආරම්භ කලේ සමෘද්ධි සහනාධාර ලබා දීමේදී තමන්ට අසාධාරණයක් වඋ බව පවසමිනි. මේ වන විට වාර්තා වී ඇත්තේ සම්පූර්ණ සමෘද්ධි දීමණා 6627 දෙනෙකුට අනුමත වී ඇති බවත් මෙහිදී ලබා දෙන්නේ 2669 දෙනෙකුට බව රත්නපුර සමෘද්ධි කාර්යාලයේ ප්‍රකාශකයෙකු කීය. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා මේ සිදුවන සියල්ල උපේක්ෂාවෙන් බලා සිටින අයුරු අපට දක්නට හැකි විය.

(ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More