කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ පළපුරුද්දක් නොමැතිව සිසේරියන් සැත්කම් සිදුකළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් බලධාරීන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. යුද හමුදාවේ සේවය නිරත පුද්ගලයෙකු විසින් එම පැමිණිල්ල කර ඇති බව වාර්තාවේ.
සිය බිරිද දරුවෙකු බිහි කිරීමේදී අදාළ වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමක් සිදුකළ බවත් එහිදී බඩවැල් කැපී යාම නිසා සිය බිරිඳ, එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප‍්‍රතිකාර කිරිමට සිදුවූ බවත් අදාළ හමුදා සාමාජිකයා කළ එම පැමිණිල්ලේ සඳහන්වේ.
වෛද්‍යවරයෙකු ලෙස පත්වීම් ලැබ මාස 06ක පමණ කාලයක් ගතව ඇති කණිෂ්ඨ වෛද්‍යවරයෙකු එලෙස එම රෝහලේ ප‍්‍රසව හා නාරිවේද ඒකකයේ සිසේරියන් සැත්කම් සිදු කරන බවට එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.
එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් මගින් ගර්භාෂයෙන් පිටතට ගන්නා දරුවන් සාමාන්‍ය ලෙස ප‍්‍රතිචාර නොදක්වන බවත්, බොහෝවිට එම දරුවන් නොමේරූ හා අලුත උපන් බිළිඳුන්ගේ ඒකකයට ඇතුළත් කිරිමට සිදුව ඇති බවටද වාර්තාවේ. ඊට හේතු වී ඇත්තේ නිසි අයුරින් ගර්භාෂයේ සිටින දරුවන් පිටතට නොගැනීම බව රෝහල් කාර්යය මණ්ඩලය පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් නිර්වින්දන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු පිරිසක් රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත පැමිණිළි කිහිපයක්ද කර තිබුණු අතර ඉන්පසු රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් අදාළ වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් ඉවත් කිරීමට කටයුතු කළද, දින කිහිපයකට පසු යළි එම වෛද්‍යවරයා අදාළ ඒකකයේ සීසේරියන් සැත්කම් සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වේ.
මෙම නවක වෛද්‍යවරයා සැකකටයුතු සිසේරියන් සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිගේ ඥාතිවරයෙකු බවට ද තොරතුරු වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...