රටක් පාලනය කරන කාර්ය නිවැරදිව කරනවා නම් මහන්සි විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවැරදිව රට පාලනය කරන අයට වෙලාවට කෑම කන්නට අවස්ථාව නැති බවත් ඔවුන් නිදි මැරිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
තම පියා වන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පාන්දරම අවදි වී මධ්‍යම රාත්‍රී වනතුරු පොදුජන සංවර්ධනය සිදු කළ බවද ඔහු පැවසීය.
තමන්ට ද ඉතා හොඳට නිදි මරන්න පුළුවන් බවත් වැඩි වැඩියෙන් මහන්සි වන විට තමනට හරිම ආසාවක් ඇති වන බවත් කී ඔහු සඳහන් කළේය.
මෙරට කිසිම පුද්ගලයෙකුට කඩිසර කමින්, අධිෂ්ඨාන ශක්තියෙන්, කැපවීමෙන් තමන් සමඟ හැරෙන්නවත් බැරි බව ඔහු සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුර තඹුත්තේගමදී පැවති උත්සවයක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...