දේශීය පුවත්

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරු මෙම අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධයෙන් විවේචන එල්ල නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය සන්ධාන ගත වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන මූලික සාකච්ඡා පිළිබඳ අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී “ජනාධිපතිවරයා සමග ඒ පක්ෂය සමග කථාබහ කරමින් පොදු එකඟතාවයකට එන්න උත්සහ කළ යුතුයි… එක්සත් ජාතික පක්ෂ විරෝධී එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට… පුළුවන් උත්සහයක් දැරිය යුතුයි. ඒ සඳහා පළුමුවෙන්ම ජනාධිපතිවරයාට සහ ශ්‍රීලනිපයට පහර ගැසීමෙන් වැලකී ඉන්න ඕනේ. එතුමාට බාධා කරන්නෙ මොකටද? එතුමා UNP එකත් එක්ක ගැටෙන වෙලාවේ. අගමැතිධූරයත් ලැබුණා.. විපක්ෂනායක ධූරයත් ලැබිලා තියෙනවා..ඒ ඔක්කොම ඇති වූ එකඟතාවයන් අනුවයි. ” යනුවෙන් සඳහන් කළා.

ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර මතභේදයක් ඇති කිරීම ආණ්ඩු පාර්ශ්වයේ උපක‍්‍රමයක් විය හැකි බවයි මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More