දේශීය පුවත්

ඉස්ලාම් අන්තවාදයෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවක් අද(02) පැවති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවේදී අනුවේදනීය හෙළිදරව්වක් සිදු කළේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද මෙහිදී පොලිසියට චෝදනා එල්ල කෙරුණි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග අබ්දුල් හසන් ෆාතිමා නම් කාන්තාවක්ද අද මාධ්‍ය හමුවට සහභාගී විය.

කළුතර ප්‍රදේශයේ ජීවත් වෙන මෙම යුවලක් වන මෙම කාන්තාව ලෙස බලා “බලාපල්ලා මිනිසුනේ කොතනද ජාතිවාදය තියෙන්නේ “ යනුවෙන් මෙහිදී ඥානසාර හිමියන් ප්‍රශ්න කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අබ්දුල් හසන් ෆාතිමා හයිෆා නැමැත්තිය කියා සිටියේ, තමා සිංහල අයෙක් සමඟ විවාහ වු බවයි.

2008 විවාහ වු බවත්, සුනාමියට ලැබුණු ගෙවල්වල ජීවත් වු බවත්, එම කාලයේ දී පල්ලියේ අය ඇවිත් සිංහල මිනිහෙක් බැඳලා ඉන්නේ කියලා මහත්තයාට තර්ජනය කල බව ද ඇය වැඩිදුරටත් මෙහිදී පැවසීය.

පසුව සැමියා සමඟ ගොස් පොලීසියේ පැමිණිල්ලක් දැමු බවත් මාලඹේ ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටිය දී තමා මවක් වීමට සුදානමින් සිටි බව ද පැවසු ඇය, තමා ගැබ් ගත් නිසාවෙන් නැවතත් අටලුගම ප්‍රදේශයට ගිය බව සඳහන් කළේය.

ආයෙත් පල්ලියෙන් පිරිසක් ඇවිත් සැමියාට ඉන්න දෙන්න බැරි බව ප්‍රකාශ කළ බව ද සඳහන් කළ මෙම කාන්තාව , බාබාට හම්බෙන්න ඉන්න නිසා තමාට ගමේ සිටිය හැකි බවත්, සිංහල කොල්ලෙක් තබා ගත නොහැකි යැයි පවසා සැමියා එලවා දැමූ බව ද පැවසීය.

සැමියා තමා මවගේ නිවසේ රඳවා ගොස් ළමයා ලැබෙන තුරු මාලඹේ සිට හොරෙන් පැමිණ තමා දැක බලා ගත් බව ද ඇය පැවසීය.

ඔහුට ආගමට එන්න කියලා තර්ජනය කල බවත්, හැමදාම ගෙවල් දෙන්නම් වාහන දෙන්නම් කියලා සැමියාට කරදර කරන බව ද පැවසු ෆාතිමා, පසුව සැමියා රට ගිය බවත්, පල්ලියේ පරිසක් ඇවිල්ලා කිව්වා මෙයා ගැන හොයන්න එපා කියලා බව ද පැවසීය.

ළමයා එකක් සැමියා අතහැර ආවොත් මුස්ලිම් අයෙක් බන්දලා දෙන බව පැවසු බවත් කියා සිටියේය.

මාර්තු මස 24 වන දා පල්ලියේ පිරිසක් ගෙදරට කඩා වැදුණ බවත්, පොලීසියේ අය ඉන්න කොටම තමාට හා සැමියාට පහර දුන් බවද කියා සිටි ෆාතිමා ළමයි අඩන කොට ගල් ගැසූ බව ද පැවසීය.

පොලිසියට ගෙනිහින් පහුවදා වෙනකම්ම කූඩුවේ දැමු බවත්, බණ්ඩාරගම පොලිසියට දාපු කිසිම පැමිණිල්ලක් විභාග කළේ නැති බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

මාරාව නැමති පල්ලියෙන් මෙම ක්‍රියාව සිදු කර ඇති බව ද ඇය හෙළි කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More