දේශීය පුවත්

බෞද්ධ රටක් වූ ශ‍්‍රී ලංකාවේ එල්ලුම්ගහ යළි ක‍්‍රියාත්මක කිරීම වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බැවින් තමන් ඊට ප‍්‍රසාදය පළ නොකරන බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා මඩුවන්වලදී පැවසීය.

කොළොන්න මඩුවන්වල සාරනන්ද විද්‍යාලයේ ගුරුවරියක වූ එච්.එම්. නිලූකා ජයතුංග මහත්මිය විසින් රචනා කරන ලද ‘ප්‍රායෝගික උඩරට නර්ථනය’ නම් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වීමෙන් පසු, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

චමල් රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.

“එල්ලුම්ගහ නැති කළේ බණ්ඩාරනායක මහත්තයා. ඒ මහත්තයා ඝාතනය කරපු වෙලාවේ, නැවත එල්ලුම්ගහ ක‍්‍රියාත්මක කරන්න අවසර ඉල්ලපු අවස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක් විරුද්ධ වුණා. ඒ නිසා එල්ලුම්ගහ නැවත වතාවක් ගේන්න හොඳ නෑ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More