* ඔහොම පරීක්‍ෂණ පවත්වනවාට වඩා හොඳයි නිල ඇඳුම් ගලවලා පිටකොටුවේ බඩු වික්කානම්
* මේ අම්මලාගේ පැලෝපීය නාළ පරීක්ෂාව කළේ ශානි අබේසේකරද? රුවන් ගුණසේකරද?
වර්ග සංහාරයට එරෙහිව සම්මත වෙලා තිබෙන එක්සත් ජාතීන් පිළිගෙන ඇති සම්මුතියේ ඉතා පැහැදිලිව සඳහන්ව ඇති පරිදි කිසියම් ජනවර්ගයකට එරෙහිව එම ජනවර්ගයේ උපත් පාලනය කිරීම සඳහා උපක‍්‍රම යෙදීම කියන දේ වර්ග සංහාරය යටතට ගැනෙන වරදක් බව නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.
සුගියදාදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.
මේ වරද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගමේ කෙසෙල් කැනක් කපන හොරෙක්ගේ වරදකටත් වඩා සුළු වරදක් බවට මේ වන විට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අම්මලාගේ පැලෝපීය නාළ පරීක්ෂා කළේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහත්තයද? එහෙමත් නැත්නම් රුවන් ගුණසේකර මහත්තයද දන්නේ නැති බව ද නීතීඥ මනෝජ් ගමගේ මහතා කීවේය.
දවස් 30 ක් ඇතුළත මේ සියලූ අම්මලාගේ පැලෝපීය නාළ ටික චෙක් කරලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගිහින් කියන්නේ වෛද්‍ය ශාෆි මේ චෝදනාවලට වරදකරු කරන්න බැහැ කියල. මේ අම්මලා නිසියාකාර වෛද්‍ය පරීක්ෂණයකට ලක්ව නැති බව ද මෙතරම් සංකීර්ණ එසේම නීතිය ඉදිරියේ ලේසියෙන් ඔප්පු කළ නොහැකි වරදක් සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දින 30 කටත් වඩා අඩු කාලයක් තුළ ලෝක වාර්තාවක් තබමින් අවසන් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහොම පරීක්ෂණ කරනවට වඩා මහත්තයෝ ඔය නිල ඇඳුම ගලවලා ගිහින් පිටකොටුවේ පේමන්ට් එකට ගිහින් බිස්නස් එකක් කරා නම් වඩා හොඳ බවද ඔහු කීවේය.
මේ පරීක්ෂණ යට ගහන්න උත්සාහ කරන්න එපා. වෛද්‍ය ශාෆිගේ පොත්වල රුපියක් කෝටි 400 ක් තිබුණ. ඒ හොයා ගත්ත කෝටි 400 විතරයි. ඔහුට කෝටි 400 ක් ලැබුණේ එතුමා සල්ලි අච්චු ගහලද කියා නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා තවදුරටත් ප‍්‍රශ්න කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...