ශ්රී ලංකාවට නිදහස ලැබී වසර 71 ක් ගෙවී යද්දීත් අපි අද එන්න එන්නම වහලූන් බවට පත්වෙනවා යැයි ඉතාලියේ සහ රෝමයේ ආධ්‍යාත්මික සංචාරයක යෙදෙන කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සඳහන් කළේය.
උන්වහන්සේ මේ බැව් ප‍්‍රකාශ කළේ ඉතාලියේ මිලානෝ නුවර අබාතේ දෙව්මැඳුරේ ශ‍්‍රී ලාංකිකයන් සඳහා සිංහල බසින් පැවැත්වූ විශේෂ දේවමෙහෙයකදීය.
එම දේවමෙහෙයේදී උන්වහන්සේ මෙසේද සඳහන් කළහ. අපි දවසින් දවස පිටරටවලට ණය වෙලා සිටිනවා. ශ‍්‍රී ලංකාවේ විභූතිය මේකදැයි කියා විමසීමට කාලය ඇවිල්ලා.
දැනට දේශපාලනයේ සිටින සියලූම දෙනා ඉවත්ව අලූත් අයට රට බාරදිය යුතුයි. ඉතිහාසය පුරාම අපේ දේශපාලනඥයන් මොනවද කළේ පිල් බෙදිලා රට විනාශය කිරීම තමයි සිදුකළේ. තණ්හාව බලලෝභය, කුළල් කා ගැනීම, අතහෝදා ගැනීම, වරද පැටවීම්, මම නෙමේ එයයි ඕක කළේ, එයා නොවෙයි අරයා ඒක කළේ, කියමින් ඔය විදිහට මේ රට දියුණු කරන්න බැහැ. අපි ශ‍්‍රී ලාංකිකයන් හැටියට මේ දේවල් ගැන කල්පනාකාරී විය යුතුයි.
ඡන්දයක් ළඟ එනවලූ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය ගැන කියමින් හැමෝම දිනන්න හදනවා. මෙම සිද්ධිය පසුපස හිටියේ කවුද? කවුද මේකට අනුබල දුන්නේ? මේ වැඩපිළිවෙල හංගන්න හදන්නේ ඇයි? එහෙම කරන්නේ කියලා ජනතාව සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ඉන්නවා. රටේ ජනතාව තමන්ගේ විනිශ්චයේ අසුන තුළ වාඩිවෙන මොහොතේ ඔය නටන නැටුම්වල ඉවරයක් කළ යුතුයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...