උණුසුම් පුවත්

විදේශගත ‍ප්‍රබුද්ධ ශ්‍රී ලාංකිකයන් එකතුවක් ලෙස ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් මුල්වී ගොඩනඟන ලද ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පසුගිය වසර තුනක කාලය තුළ ජාත්‍යන්තරය තුළ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා ප්‍රබල වැඩ කොටසක් ඉටු කරන ලදී.

ඒ අතුරින් ප්‍රධාන වූයේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත්පත් කළ ‘‘විත්ති වාචකය‘‘ නම් වූ රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන ලියැවිල්ල සහ ඒ සමඟ බැඳුණු සෙසු ක්‍රියාකාරකම් මගින් දෙමළ ඩයස්පෝරාවේ ව්‍යාජ ප්‍රචාරක ව්‍යාපාරයට ප්‍රතිප්‍රහාර දීමය.

නමුත් පසුගිය වසර තුළ විවිධ පටු දේශපාලන අරමුණු සහිත පිරිස් බල තණ්හාව මුල්කරගෙන එම සංවිධානය තුළ ගැටුම් ඇති කරමින් සිටින බව වාර්තා වේ. එම ගැටුම පිටුපස විපක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයෙකු සිටින බවද වාර්තා වේ.

පසුගියදා එම තත්ත්වය සමනය කරමින් සංවිධානය නැවත ශක්තිමත් වන ලෙස මෙන්ම අතීතයේ ඉටුකළ භූමිකාව අගය කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා විසින් එම සංවිධානයේ විධායක කමිටුව වෙත ලිපියක් යොමු කරන ලදී. ඉන්පසුව ගැටුම් වලට මුල් වූ යම් පිරිසක් ගුණදාස අමරසේකර මහතාට දුරකථන ඇමතුම් දෙමින් බලපෑම් කළ බවද වාර්තා වේ.

යවන ලද සම්පූර්ණ ලිපිය



One thought on “ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කඩාබිඳ දැමීමේ මෙහෙයුමක් – දෙමළ ඩයස්පෝරාව සතුට ප්‍රකාශ කරයි – ජාතික සංවිධාන එකමුතුවෙන් ආයාචනයක්”

  1. This is a fake news….
    There’s no such content issued related to GSLF like this….

    Behave as professionals.. Don’t hiding behind fake propaganda…

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More