“පාස්කු ඉරිදා දින ප්‍රහාරය පිළිබඳපරීක්ෂණ පවත්වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සුජාතභාවය පිළිබඳව” යන ශිර්ෂ පාඨය යටතේ මොහොමඩ් මුසම්මිල් මහතා කථානායක කරුජයසූරිය මහතා වෙත ලිපියක් යවා ඇත.
පාස්කු ඉරිදා දින සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන් පිළිබඳවත් ඒ හා බැඳුණු සියලූ කරුණු පිළිබඳවත් සොයා බැලීමට යැයි පත්කරනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතල ගැටළු ගණනාවක් ජනතාව හමුවේ පැන නැගී ඇති බව මොහොමඩ් මුසම්මිල් මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.
කරු ජයසූරිය මහතා,
කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.
ගරු කථානායකතුමනි,
‘පාස්කු ඉරිදා දින ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සුජාතභාවය පිළිබඳව’
පාස්කු ඉරිදා දින සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන් පිළිබඳවත් ඒහා බැඳුණු සියලු කරුණු පිළිබඳවත් සොයා බැලීමට යැයි පත් කරනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතල ගැටළු ගණනාවක් ජනතාව හමුවේ පැන නැගී ඇත.
ඒ ගැටළු අතර මුල්තැන ගනු ලබන්නේ තේරීම් කාරක සභාවේ සුජාතභාවය පිළිබඳ ගැටළුවයි. තේරීම් කාරක සභාව විසින් විමසා බැලෙන කරුණුවලට අදාළ ප්‍රධානතම චූදිතයකු බව ඔප්පු වී ඇති ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ මෙන්ම අනෙකුත් චුදිතයන් හා ඝෘජු හා වක්‍ර සබඳතා තිබුණු තැනැත්තෝ මේ තේරීම් කාරක සභාවේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති. ඒ සබඳතා පහත පරිදි දැක්විය හැක.
01) ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා :- කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනෙකු ඉහත මරාගෙන මැරෙන ප්‍රහාරයට සහභාගී වූවන්ය. මොහොමඞ් ඊබ්‍රහිම් ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකි. ඔහු දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටියි. මෙවැනි තත්වයක් තුළ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මෙම තේරීම් කාරක සභාව නියෝජනය කිරීම කොතෙක් දුරට සාධාරණ ද?
02) මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා :- ජාතික තවුහිද් ජමාත් නායක සහරාන් හෂීම් සමඟ 2015දී මුස්ලිම් කොංග්‍රසය ගිවිසුම්ගතව මැතිවරණ ව්‍යාපාරයේ යෙදී තිබේ. එසේම මෙම පරීක්ෂණ කටයුතු ස්වාධීනව කරගෙන යෑමට ඉඩදී රාවුෆ් හකීම් මහතා සිය ඇමති ධුරයෙන් ද ඉල්ලා අස්වූ අයෙකි. එවැන්නකු මෙම තේරීම් කාරක සභාවේ සාමාජිකයකු වීම කොතෙක් දුරට යුක්තිසහගත ද?
03) තේරීම් කාරක සභාව නියෝජනය කරන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් :- 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා දිනවීමට එක්සත් ජාතික පෙරමුණ, තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ ගිවිසුම්ගතව කටයුතු කළ බව මෙම තේරීම් කාරක සභාවට ඉදිරිපත් වූ සාක්ෂිවලින් ඔප්පු වී තිබේ.
මේ සියලු කරුණු විමසා බැලීමේ දී ඉහත තේරීම් කාරක සභාවේ සුජාතභාවය පිළිබඳ බරපතළ ගැටළුවක් පැන නඟින බව කථානායකවරයා ලෙස ඔබතුමා ද පිළිගන්නවා ඇතැයි සිතමි. එබැවින් ඔබතුමන් මෙම තේරීම් කාරක සභාව විසුරුවාහැර මේ පිළිබඳ ජනාධිපති පරීෂණ කොමිෂන් සභාවකට හෝ වෙනත් පිළිගත් ක්‍රමවේදයකට අනුව පරීෂණ පැවැත්වීමට නිර්දේශ කරනු ඇතැයි හුදෙක්ම විශ්වාස කරමු.
මෙයට,
විශ්වාසී,
මොහොමඞ් මුසම්මිල්
(හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...