දේශීය පුවත්

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිතුමා පවසයි.

දිවයිනේ සියලු පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට මුලින්ම ඉදිරිපත් කෙරුණේ 2017 වසරේ දී ය. එහි දී අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද මෙකී යෝජනාවට ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ නිර්දේශය වූයේ දීප ව්‍යාප්තව එකවර මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම නුසුදුසු බවත්, එය ජාතික පාසල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රථමයෙන් ආරම්භ කළ යුතු බවත් ය.

විශේෂයෙන්ම අත්‍යවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණකය මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයන්ට ප්‍රවේශවීම වැළැක්විය යුතු බව ද ජනාධිපතිතුමාගේ යෝජනාව විය. අධ්‍යාපන කටයුතුවලින් පරිබාහිරව වෙනත් කටයුතුවලට ප්‍රවේශවීමේ හැකියාව වළක්වමින් මෙම ටැබ් පරිගණක සිසුන්ට ලබාදීමට පියවර ගන්නා බව ඒ අනුව කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබිණි. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ව්‍යාපෘතියේ ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරිණි. අදාළ යෝජනාව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ නිර්දේශය වූයේ ද මෙවන් ව්‍යාපෘතියක් ජාතික පාසල්වලින් ආරම්භ කළ යුතු බවයි.

දීප ව්‍යාප්තව පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා රුපියල් බිලියන පහමාරක මුදලක් වෙන් කර තිබිණි. එහි දී ජනාධිපතිතුමාගේ යෝජනාව වූයේ මෙම මුදලෙන් නියමු ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබාගෙන ඉතිරි මුදල් දිවයින පුරා පාසල්වල විශාල අඩුපාඩුවක්ව පවතින ඩෙස් පුටු ඇතුළු අනෙකුත් උපකරණ ලබාගැනීමට යොදවන ලෙසයි. එමෙන්ම මෙම නියමු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල කොපමණ ද යන්න නිශ්චිතව සඳහන් කළ යුතු බව ද ජනාධිපතිතුමාගේ යෝජනාව විය. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා 2017 වසරේ කැඳවන ලද ටෙන්ඩරය නියමු ව්‍යාපෘතියට අනුව වෙනස්විය යුතුය.

පාසල් දරුවන්ට නව තාක්ෂණය සමඟ දැනුම ලබාදීම අත්‍යවශ්‍ය වුව ද දරුවන්ගේ විනය සහ මානසික තත්ත්වයට සුදුසු ආකාරයෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමාගේ අදහස වී තිබේ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More