දේශීය පුවත්

රජයට අනුබද්ධව ක්‍රියාත්මක වන මිල්කෝ සමාගම විෂයභාර අමාත්‍ය පී හැරිසන් මහතා ගේ සහෝදරියකගේ පුතෙකු යොදවාගෙන පෞද්ගලික අංශයට විකිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් එම වැඩසටහන කිසිම ආකාරයකින් ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බවද එසේ වුවහොත් ඇමතිවරයාට සහ ඇමතිවරයාගේ සහෝදරියගේ පුතාට ගොම ප්‍රහාර එල්ල වන බව මිල්කෝ ආයතනය සුරැකීමේ සංවිධානය සහ කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා පැවසීය.

මිල්කෝ සමාගම සුරැකීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සංවිධානගතව ඔවුන් දඹුල්ලේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එම මිල්කෝ සමාගම පෞද්ගලික අංශයකට වීකුණා දැමීමේ කුමන්ත්‍රණය පිළිබඳව හෙළිදරව් කළේය.

එහිදී සුසන්ත කුමාර නවරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ මිල්කෝ සමාගම ඉතිහාසයේ ලාභ ලැබූ කාලයක් ඇත්නම් මාස 14ක පමණ කාලයක් පමණක් බවත් එය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා සිටි කාලයේ පමණක් බව ද හෙළි කළේය.

මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මිල්කෝ සමාගම පෞද්ගලිකකරණය විකිණීම සඳහා මේ වන විට සියලු සැලසුම් සකස් කර අවසන් බවය. මිල්කෝ සමාගම රජය සතුව පැවතීම නිසා ගොවීන්ට නිසි මිලක් නිර්මාණය වන බවත් ලංකාවේ කිරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීම සඳහා පසුගිය ආණ්ඩුව මේ ආණ්ඩුවත් කටයුතු කොට ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

මීට අමතරව මාධ්‍ය හමුවේදී කිරිගොවීන්යෝ නියෝජනය කරමින් ගොවීන් කිහිප දෙනෙකු ද අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මේ වන විට කිරි ගොවීන්ට ගෙවන ප්‍රමාණය අඩු කර තිබෙන බවත් ගෙවන දිනයන් ප්‍රමාද කරන බවත් එමෙන්ම සාන්ද්‍ර ආහාර මිල ඉහළ දමමින් ගොවීන් කිරි කර්මාන්තයෙන් ඉවත් කරවීම සඳහා සූක්ෂම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බව ඔවුහු දැඩි ලෙස අවධාරණය කරන්නට වූහ.

ඉදිරියේ දී මේ තත්ත්වය හකුලා නොගන්නේනම් දිවයින පුරා විසිරී සිටින කිරි ගොවීන් සහ කිරි ගොවි සංවිධාන එක්ව විරෝධතා ව්‍යාපාරයක් කරන බවත් අමාත්‍යවරයාගේ කාර්යාලයට ගොස් පදිංචි වන බව ද ගොවීන් මෙහිදී සඳහන් කළහ.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More