විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දරමින් සිටින අතරතුර උතුරු කොරියානු භූමියට පය තැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්විය.

ඒ පසුගිය 30 වැනි දා යුද මුක්ත කලාපයේ දී  උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් මුණ ගැසීමෙන් අනතුරුව ඔහුගේ ආරධනාවට එකඟ වෙමින් උතුරු කොරියානු භූමියට පා තැබීමත් සමගය.

කිම් කැමැත්තක් දක්වන්නේ නම් තමන් දකුණු කොරියාවේ සිටින කාලය තුළ හමු විය හැකි බවට ජනාධිපති ට්‍රම්ප් විසින් ට්විටර් පණිවුඩයකින් දැනුම් දී තිබුණ ද මෙම හමුවීම සිදු වනු ඇතැයි කිසිවකු අපේක්ෂා කළේ නැත. කෙසේ වුවත් ඔවුන් දෙදෙනා හමු වී, ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු කොරියානු භූමියට පා තැබීමෙන්නො

නැවතී පැයක පමණ සාකච්ඡාවක් පැවැත්වීම ද ලොව පුරා මාධ්‍ය පුදුමයට පත් කර තිබුණි.

මෙම හදිසි හමුව ගැන අදහස් පළ කරමින් උතුරු කොරියානු නායකයා පැවසුවේ එය ඔවුන් දෙදෙනා අතර පවතින “විශිෂ්ට” මිත්‍රත්වයේ සංකේතයක් බවය. ඒ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ “අද ලෝකයට ඉතා සුවිශේෂී දවසක්” යනුවෙනි.

දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් ද සුළු මොහොතකට ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක දෙපළ සමග එක් වී තිබේ. මෙම හමුව නිසා කොරියානු අර්ධද්වීපයේ දිවිගෙවන පුද්ගලයන් මිලියන 80කට න්‍යෂ්ටිකහරණය සහ සාමය පිළිබඳ බලාපොරොත්තු ඇති වූ බව මුන් ජේ-ඉන් පැවසීය.

තමන් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කළ බව ඇමරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවක දී පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More