දේශීය පුවත්

චින සිගරට් ලංකාවට ගෙන ආවොත් කිසි විටෙකත් එවැනි රජයක තමාට හෝ ජනාධිපතිවරයාට සිටිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද(01) උදෑසන කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අද බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එළි දැක්වීමේ වැඩසටහනක පැමිණීමට තමාට ආරාධනා කිරීම ගැන ජනාධිපතිවරයාට ස්තූති වන්ත වන බව ද පැවසු අමාත්‍යවරයා, 2015 ජනවාරි මස 8 වන දා රටේ ඇති කල වෙනස තුළින් මෙම වැඩ සටහන ආරම්භ කල බව ද පැවසීය.

අතීතයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපතිවරයා මෙම වැඩ සටහන ආරම්භ කරමින් දුම්කොළවලට විරුද්ධව නොයෙක් විදි විධාන ගෙනා බවත් ඒ අනුව 80% ක රූපමය අවවාදය ගෙන ඒමට හැකි වු බව ද රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් හෙට(02) දිනයේ දී මේ ගැන කැබිනට් මණ්ඩලයේ දී කථා කිරිමට තමා සුදානම් බවද පැවසු අමාත්‍යවරයා, දරුවන් මත් උවඳුරෙන් බේරා ගන්න ජනපති විසින් සිදු කරන මෙම ක්‍රියාවලියට සම්පූර්ණ ශක්තිය ලබා දෙන බව ද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More