ඇමති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුතා අද (01) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි එම කොස්තාපල්වරයා තුවාල ලබා ඇතැයිද, බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහර දී ඇතැයිද පොලිසිය කියයි.
සැකකරු 26 හැවිරිදි තැනැත්තෙකු බවද, ඔහු පොල්ලකින් පහරදී ඇතැයිද පොලිසිය වැඩිදුරටත් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...