ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා ගහනය සීඝ්‍රයෙන් වැඩි වන විට සිංහල ළමා ගහනය අඩු වී ඇති බවත් ඒ අනුව සිංහල ජාතිය වඳ වෙමින් පවතින ජාතියක් බවට තහවුරු වී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පසුගිය දිනවල කාගේත් දැඩි අවධානයට යොමු විය.
2012 ජන සංගණනයේ නිල තොරතුරු පදනම් කරගෙන, ළමා ගහනයේ ජනවාර්ගික සංයුතියට අනුව ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කළ ද, මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා ජන හමුවකදී කියා සිටියේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ රාවුෆ් හකීම් මන්ත්‍රිවරයා උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට තමන් සමග විවාදයකට ද අභියෝග කළේය.
ඒ අනුව හිරු ටීවී 2019.06.27 දින බලය වැඩසටහන මෙම විවාදය වෙනුවෙන් වෙන් විය. එහිදී උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුවේ නිල දත්තයන් ඉදිරිපත් කරමින් මුස්ලිම් ළමා ගහනයේ සීඝ්‍ර වර්ධනය හා සිංහල ළමා ගහනයේ අඩුවීම තවුරු කල අතර, වැඩසටහන පුරාවටම එම දත්තයන් සාවද්‍ය බවට කරුණු දැක්වීමට හකීම් මහතා අපොහොසත් විය.
එමෙන්ම තමන් විසින් ඉදිරිපත් කළ ඇතැම් තොරතුරු ලබාගත් මූලාශ්‍රයන් වැඩසටහන තුළදී ඉදිරිපත් කිරීමට ද හකීම් මන්ත්‍රිවරයා අපොහොසත් වීම දක්නට ලැබුණි.
සිය මතය තහවුරු කිරීම සඳහා හකීම් මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කල ලේඛනම උපුටා දක්වමින් ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් මුස්ලිම් ළමා ගහනයේ සීඝ්‍ර වර්ධනය හා සිංහල ළමා ගහනයේ අඩුවීම පෙන්වා දීමද විශේෂත්වයක් විය.
සම්පූර්ණ වැඩසටහන මෙතැනින්
– අරවින්ද අතුකෝරල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Thanks a bunch to Hon: Udaya Gammanpila,