දේශීය පුවත්

ශ‍්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර අත්සන් තැබීමට නියමිත සෝෆා  ගිවිසුම යටතේ මෙරට ස්වාධිපත්‍යයට බලවත් හානියක් සිදුවන බව එම කෙටුම්පත අනුව හෙළිවී ඇත. මේ ගිවිසුම අත්සන් කළහොත් මෙරටට පැමිණෙන ඇමෙරිකානු සොල්දාදුවන්ට වලංගු ගමන් බලපත‍්‍රයක් හෝ වීසා ලබා ගැනීමක් සිදුකළ යුතු නැත.

එමෙන්ම මෙරටට ඇතුළුවන ඇමරිකානු ගුවන්යානා හෙලිකොප්ටර මෙන්ම නෞකා පවා කිසිදු පරීක්ෂාවකට ලක්කළ නොහැක. මෙරට රේගු නිලධාරීන්ට ඒවාට ගොඩවීමට හෝ පරීක්ෂා කිරීමට කිසිදු බලයක් හිමිනොවේ. ගුවන්තොටුපළේදී හෝ වරායකදී ඇමෙරිකානු යානා මෙන්ම යාත‍්‍රාවලට කිසිදු බදු අයකිරීමක් හෝ සිදු කළ නොහැක. එසේම මෙරට ඇමෙරිකානු වාහන භාවිත කිරීමේදී කිසිදු බලපත‍්‍රයක් හෝ මෙරටට වලංගුවන රියදුරු බලපත‍්‍රයක් අවශ්‍ය වන්නේද නැත. මෙය ශ‍්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට බලවත් හානියකි.

ශ‍්‍රී ලංකාව තුළ ඕනෑම ස්ථානයක ඇමෙරිකානු භටයන්ට නිල ඇඳුමින් සැරසී යුදඅවි සහ තම සන්නිවේදන උපකරණද රැුගෙන රාජකාරි කිරීමේ බලයද මේ ගිවිසුම යටතේ පැවරෙනු ඇත. ශ‍්‍රී ලංකාව පුරාම යුදඅවි රැගෙන මෙහෙයුම් සිදු කළ හැකිව තිබුණේ මෙරට ආරක්ෂක අංශවලට පමණි. සෝෆා ගිවිසුම යටතේ මෙරට ජාතික ආරක්ෂාවද බරපතළ අර්බුදයකට ලක්වන බව පැහැදිලිය.

මෙම ගිවිසුම නිසා ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවද බරපතළ ලෙස උල්ලංඝනය වන බව නීති විශාරදයෝ ප‍්‍රකාශ කරති. එසේම මෙම ගිවිසුම යටතේ ඇමෙරිකානු පෞද්ගලික ආරක්ෂක සමාගම්වල සාමාජිකයන්ටත් වීසා පහසුකම්වලින් තොරව ලංකාවට ඇතුළුවීමට හා පිටවීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ඉල්ලා ඇත. මෙහිදී අවශ්‍ය වන්නේ ඔවුන්ගේ අමෙරිකනු සේවා හැ`දුනුම්පත පමණි.

සෝෆා ගිවිසුම අත්සන් කිරීමෙන් මෙරටට කිසිදු හානියක් සිදු නොවන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More