දේශීය පුවත්

සජිත් අපේක්ෂකයා වෙනවාට අපි කිසිම විරුද්ධත්වයක් නැහැ හැබැයි ජනාධිපති වෙනවාට මුළු රටම විරුද්ධයි එතුමා කියන විදියට ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම් වෙන්න ඕන ඇස් දෙක යට ගිහිල්ලා තියෙන්න ඕන, හකු යට ගිහිල්ලා තියෙන්න ඕන ඊළඟට රෑට නින්ද යන්නේ නැති වෙන්න ඕන එකට ඩලස් අලහප්පෙරුම මහත්තයා හොඳ උත්තරයක් දුන්නා මම කැමති නෑනේ ඒ උත්තරේ දෙන්න කොහොම වුණත්ඒ උත්තරය හොඳයි කියලයි මම හිතන්නේ හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා කීය.

ඌරුබොක්ක ගින්නැලිය දිව්‍ය ප්‍රේමය දේවස්ථානය සංවර්ධනය කිරීමෙන් අනතුරුව විවෘත කරන අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති වරයා මෙම අදහස් පල කරන ලදී.

මෙහිදී දේවස්ථානයට අදාල ඔප්පුව ප්‍රධානය කිරීම හිටපු ජනාධිපති වරයා අතින් සිදු කෙරිණි මෙම අවස්ථාවට පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කේ.එන්.කෞෂල්‍ය කුමාරි මහත්මියද එක්විය.

දේව මන්දිරය විවෘත කිරීමේන් අණතුරුව ප්‍රථම දේව මෙහෙය කොළඹ රදගුරු ඩෙලෝරාජ් රංජිත් කණග සබේ රදගුරුතුමා විසින් සිදුකරණ ලදී.

මෙහිදී වැඩිදුරයත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,

“ගමේ තියෙන සමගිය ආගමික සමගියක් පමණක් නෙවෙයි ගමේ තියෙන සමගිය ජාතික සම්බන්ධතා තියෙන කියන එකක් එකත් ඒ නිසා එහි වැදගත්කමක් තියෙනවා. සියලු දෙනාටම එක් රැස් වෙන්න අදහස් ප්‍රකාශ කරන්න අදහස් හුවමාරු කරගන්න අවස්ථාවක්. ඒ නිසා පසුගියදා ඇති වෙච්ච අපිට අද අවශ්‍ය නොව නොව ජාතික සංඛ්‍යාව පමණක් නොවෙයි ආගමික සංහිඳියාව වඩාත් ශක්තිමත් කර ආදර්ශමත් රටක් බවට මේ රට පත් කරන්න අපිට පුලුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා මෙවැනි අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන මා සතුටු වෙනවා නැවත වාරයක් ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More