දේශීය පුවත්

උතුරු නැගෙනහිර  පළාත් ඒකාබද්ධ කොට ස්වයං පාලන තන්ත්‍රයක් බිහි කිරීම හා උතුරු නැගෙනහිර නව සිංහල ජානාවාස ඉදිකිරීම නවතා දැමීම ඇතුළු යෝජනාවන් රැසක් ‍ඉලංගෙයි තමිල් අරසු කච්චි මහා සභා රැස්වීමේදී අද(30) තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ 16 වන මහා සභා සම්මේලනය යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වු අවස්ථාවේදී අදාළ තීරණ ගනු ලැබීය.

අදාළ යෝජනාවන්ට අමතරව උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ගැටළුව, උතුරේ සිවිල් ජනතාව‍ගේ ඉඩම් තුළින් ආරක්ෂක අංශ ඉවත්කිරීම,උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම හා හින්දු ජනතාව ජිවත්වන ප්‍රදේශයන්ගේ බෞද්ධාගමික ස්ථාන ඉදිකිරීම නැවැත්වීම ඇතුළු ප්‍රධාන යෝජනා 11 ක් සම්බන්ධයෙන් වන යෝජනාවලියක් රජය වෙත ඉදිරිපත් කිරීමට එහිදි තීරණය කරනු ලැබු බවද පක්ෂ නියෝජිතයින් පැවසූහ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සභාපතීත්වයට නැවතත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (29) පත්වීමෙන් අනතුරුව පක්ෂයේ මහා සභා සම්මේලනය අද(30) පැවත්වූහ.

ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂ‍යේ අනුශාසක ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා කටයුතු කරනු ලබයි.

පක්ෂයේ ලේකම් ලෙස නැගෙනහිර පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය කේ.තුරෙයිරාජසිංහම් මහතා නැවත පත්කෙරිණ.

අදාළ ඉල්ලීම් මාලාව රජයට ඉදිරිපත් කොට මාස තුනක කාලයක් තුළ විසදුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන  අතර, අදාළ ඉල්ලීම් මාලාව වෙත ලබාදෙන යහපත් ප්‍රතිඵල අනුව ඉදිරි මැතිවරණ වෙනුවෙන් සිය පක්ෂය සහයෝගය ලබාදෙන කණ්ඩායම තීරණය කරන බවද පක්ෂ නියෝජතයින් පැවසූහ.

අවසන් යුද සමයේ උතුරු නැගෙනහිර පළාත් තුළින් අතුරුදහන්වු තරුණ කණ්ඩායම් වෙනුවෙන් සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් රජය තුළින් ස්ථිර විසදුමක් ලබා ගැනීම හා දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කර ගැනීම වෙනුවෙන් රජයට බලපෑම් කළ යුතු බවට තීරණයක් ගත් බවද පක්ෂයේ සභාපතිවරයා  පැවසුවේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ගෙන යන උත්සහය නවතා දැමිය යුතු බවත්, ඒ වෙනුවෙන් වන යෝජනාවලියක් සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සම‍ඟ සාකච්ජා කළ යුතු බවටද පක්ෂය තීරණය කළ බවද පක්ෂ නියෝජිතයින් පැවසූහ.

මහවැලි එල් කලාපය යනුවෙන් හදුන්වමින් උතුරු නැගෙනහිර පළාත් තුළ නව සිංහල ජනාවාස බිහිකිරමින් රජය ගෙන යන ක්‍රියා කලාපය වහාම නවතා දැමිය යුතු බවට රජයට අවධාරණය කළ යුතු බවටද පක්ෂ සම්මේලනයේදී යෝජනා සම්මත කර ගැණින.

ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කරගත් යෝජනාවන් මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය කටයුතු කළයුතු බවත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් රජයට බලකර සිටිති.

රජය අදාළ යෝජනාවන් ඉටු කිරීමට මාස තුනක කාලයක් තුළ කටයුතු නොකළහොත් තම පක්ෂයේ ‍හා දෙමළ ජාතික සන්ධනයේ සන්ධානගත පක්ෂ සමඟ එකාබද්ධව රජයට එරෙහිව විරෝධතා මාලාවක් දියත් කිරීම සිදුකරන බවද පක්ෂ නියෝජිතයින් පැවසුවෝය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More