පුරවැසි කොලම

සාවද්‍ය හා ද්වේෂ සහගත ලෙස විකෘති කිරීමට භාජන වී ඇති අස්ගිරිය පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කරන ලද අනුශාසනාවේ අදාළ කොටස ‘යූ ටියුබ්’ මගින් (වීඩියෝ ව https://www.youtube.com/watch? v=c6GCxsWsFOQ& feature=youtu.be) නැරඹිය හැකි ය. ඒ අනුව එහි දී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනුශාසනා කොට ඇත්තේ ‘‘ඒ කඩවල්වලට යන්ට එපා. ඒ කඩවල්වලින් කන්ට බොන්ට එපා කියලා.’’ යනුවෙනි. මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කිසි විටෙක ‘‘මුස්ලිම් කඩවලට යන්ට එපා’’ යනුවෙන් සඳහන් කර නැත. උන්වහන්සේ ඒ ආකාරයේ ‘‘අන්තවාදී’’ යැයි හඳුන්වන ප‍්‍රකාශයක් මෙයට පෙර හෝ කවර දිනක හෝ සිදු කර නැත. මේ රටේ ජනතාව, සම්බුද්ධ සාසනය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය අනුශාසනා කිරීම මේ රටේ උත්තරීතර බෞද්ධ නායකත්වය නියෝජනය කරන අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප‍්‍රධාන සහ අත්හැරිය නොහැකි වගකීමකි. එම නිසා උන්වහන්සේ මහජනයා මතු කරන ගැටලූ සහ ඔවුන් විසින් ඉදිරිපත් කරන විසඳුම පිළිබඳ තම මතය ප‍්‍රකාශ කරති. එය උන්වහන්සේගේ ඓතිහාසික භූමිකාවට අයත් වගකීමකි.

asgiri1මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම අවස්ථාවේ දී එබඳු ප‍්‍රකාශයක් කිරීමට ඊට පෙර එම උත්සව සභාවේම පැවති කරුණු දැක්වීම් දෙකක් පාදක වී ඇති බව පෙනී යයි. එයින් එක් කරුණු දැක්වීමක් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක මහතා විසිනි. යහපාලන ආණ්ඩුවේ සාමාජිකයකු වන දිසානායක මහතා ආණ්ඩුව පැත්තේ සිටිමින් වගකීම් විරහිතව මේ රටේ පොදු මහ ජනතාව නොසලකා හරිමින් අන්තවාදීන්ගේ අවශ්‍යතාවට රුකුල් දෙන ආකාරයේ ප‍්‍රකාශයක් කර ඇත. ඊට ප‍්‍රතිචාර වශයෙන් විහාරාධිපති හිමියන් අන්තවාදී උන්මන්තකයන් විසින් ඇතැම් ආපනශාලාවලින් සිංහල ජනතාවට වස-විස යෙදූ ආහාර ලබාදීම ඇතුළු ප‍්‍රසිද්ධ අන්තවාදී උන්මත්තක ක‍්‍රියා පිළිබඳව සඳහන් කර ඇත. ඉන් අනතුරුව එළඹි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවේ දී ඒ කරුණු දැක්වීම් කළ දෙදෙනාටම මධ්‍යස්ථව සලකා බැලීම සඳහා කරුණු පෙන්වා දෙමින් අනුශාසනා කර ඇත.

මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අදාළ කාරණයට ප‍්‍රවේශ වන්නේ ‘‘මුස්ලිම් ජනතාව අපට ආදරෙයි’’ යනුවෙන් සඳහන් කරමිනි. උන්වහන්සේට මුස්ලිම් ජනතාව පිළිබඳ වෛරයක් හෝ ද්වේෂයක් තිබුණේ නම් පොදුවේ මුස්ලිම් ජනතාව කෙරෙහි උන්වහන්සේ එබඳු මෛත‍්‍රී සහගත ප‍්‍රකාශයක් නොකරනු ඇත. මයන්ත දිසානායක මහතා අන්තවාදීන්ගේ පාර්ශ්වයේ සිටිමින් කරන ලද ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘‘ඒ කඩවල්වලට යන්ට එපා. ඒ කඩවල්වලින් කන්ට බොන්ට එපා.’’ යනුවෙන් අනුශාසන කරති. උන්වහන්සේ එසේ ප‍්‍රකාශ කරන්නේ සිංහල ජාතිය වඳ කිරීමේ උත්සාහයක ඉස්ලාම් මූලධර්මවාදීන් පිරිසක් නියැළී සිටින බවට ඉදිරිපත් වන මතය යම් සාමකාමි විසඳුමක් ලෙසය. එනම් ගැටුම් ඇතිකරගැනීම වෙනුවට ඉවත්ව සිටීම සහ උපක‍්‍රම යොදාගන්නා ලෙසය.

ඇතම් මාධ්‍ය (වෙබ් අඩවි) වාර්තා කර ඇත්තේ ‘‘මුස්ලිම් ජනතාව අපට (සිංහලයනට) ආදරය කරන්නේ නෑ’’ (“The Muslims don’t love us [Sinhalese]…”) යනුවෙන් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ප‍්‍රකාශ කළ බව යි. එය සම්පූර්ණයෙන්ම දේශසහගත ලෙස උන්වහන්සේගේ ප‍්‍රකාශය අනෙක් පැත්තට හැරවීමකි. උන්වහන්සේ ඉවසීමෙන් හා මෛත‍්‍රියෙන් යුක්තව කරන ලද එම ප‍්‍රකාශය ඉහත දක්වන ලද යූටියුබ් ලිපිනයෙන් බලාගත හැකි අතර බුද්ධිමත් ජනතාවගේ විමර්ශනය සඳහා අදාළ කොටස අප විසින් වචනයෙන් වචනය ඒ හැටියෙන්ම ලේඛනගත කොට පහත දක්වනු ලැබේ. මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘‘නෑ’’ යන වචනය එහි දී භාවිත කර ඇති නමුදු එය භාවිත කර ඇත්තේ මයන්ත දිසානායක මහතාගේ අදහස ප‍්‍රතික්ෂේප කිරීම සඳහා බව සැලකිල්ලෙන් ශ‍්‍රවණය කිරීමෙන් පැහැදිලි වෙයි.

‘‘එයාට මං කිව්වා, එක්සත් ජාතික පක්ෂය ආයේ ඉතින් ඉවර වෙලා තියෙන්නේ. ආයේ මේකට පණ දෙන්ට පුළුවන්කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ වරදින් තමයි මේ රට නැති වුණේ කියලා මං මුලින් ම කිව්වා. මුස්ලිම් ජනතාව අපට ආදරෙයි. නෑ.. ඔය මුලින් කතා කළ මයන්ත දිසානායක මහත්තයා (කියපු ආකාරයට මුස්ලිම් ජනතාව) එහෙම කොන් කරන්ට එපා කියලා. මාත් කියනවා, ඒ කඩවල්වලට යන්ට එපා. ඒ කඩවල්වලින් කන්ට බොන්ට එපා කියලා. මොකද ඒක ප‍්‍රසිද්ධ කාරණයක්. (එම පිරිස) අපිට අපේ ජනතාවට වස විස දීපු අපේ ජනතාව විනාශ කරන්ට උත්සාහගත් පිරිසක් කියන එක ඉතා පැහැදිලිව පේනවා. ඉතා පැහැදිලිව පේනවා. ඒ නිසා අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්ට ඕන. ඒ කඩවල්වලට යන්ටත් එපා. ඒ කඩවල්වලින් ගන්ටත් එපා. ඒවා කාපු බාල පරම්පරාවට මං හිතනවා අනාගතේ දූ දරුවෝ නැති වෙයි කියලා,’’ (එම වීඩියෝවේ 2.37 විනාඩියේ සිට 3.30 දක්වා බලන්න වරහන්වල මා විසින් යොදා ඇති වචන වැදගත් වන්නේ මුහුණෙන් මුහුණ බලාගෙන කරනු ලබන කතාවක් වචන වලට බලා ලිවීමේදී සම්බන්ධය පෙන්වීම සඳහා පමණි).

එසේම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක් වී ඇති සාෆි නම් වෛද්‍යවරයා පිළිබඳවද සඳහන් කර ඇත. එම කොටසද නිර්ලජ්ජිත හා පදනම් විරහිත ආකාරයට විකෘති කරන ආකාරය ඇතම් වෙබ් අඩවිවලින් (https://youtu.be/fJUjeUV9nI8) දැකගත හැකි ය. චමීර පෙරේරා නමැත්තකු විසින් කර ඇති ඒ විකෘති කිරීම පහත දැක්වෙන ආකාරයෙනි.

‘‘…උන්වහන්සේ ප‍්‍රකාශ කරනවා මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ඔවුන්ට ගල්ගැසිය යුතු යි. මං එහෙම කියන්නේ නෑ. හරි නම් කළ යුතු වන්නේ පෙති ගහන එක.’’

චමීර පෙරේරා නමැත්තා මෙලෙස විකෘති කොට දක්වා ඇත්තේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවේ එන පහත දැක්වෙන කොටසයි. මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භාවිත කළ වචන ඒ ආකාරයෙන්ම පහත ලේඛනය කර ඇත.

‘‘ඒ වගේම අර මාතලේ දොස්තර දොස්තර මහත්තයෙක් කරපු වීර ක‍්‍රියා පිළිබඳව කවුරුත් දන්නවානේ. ලක්ෂ ගාණක් අපේ දරුවෝ විනාශ කරා. ඔය වාගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්ට දෙන්ට හොඳ නෑ. අර කවුද උපාසක අම්මලා වගයක් කිව්වා ගල් ගහලා මරන්ට ඕන කියලා. මං එහෙම කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමා. ඒ විදිහේ අපරාධ කළා නම් අපේ මනුස්සයෙක් ඒ ජාතියට, අපිව පෙති ගහලා. ඔය නීතිරීති ඕවා හරියන්නේ නෑ.’’

(h t t p s : / / w w w . y o u t u b e . c o m / watch?v=c6GCxsWsFOQ&feature=youtu.be) වීඩියෝවේ (3.49 විනාඩියේ සිට 3.58 විනාඩිය දක්වා බලන්න)

‘අන්තවාදී’ චෝදනා කරන්නන් විසින් චෝදනා කිරීමේ අවශ්‍යතාව මත ප‍්‍රවෘත්තිය විකෘති කිරීම සඳහා ‘‘මුස්ලිම්’’ යනුවෙන් දැක්වීමෙන් විශේෂ කර ඇත. මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පොදුවේ ‘‘මුස්ලිම් කඩවලට යන්ට එපා’’ යැයි කීවේ නම් එය සාධාරණ නොවනු ඇත. පොදුවේ උන්වහන්සේට මුස්ලිම් ප‍්‍රජාව සම්බන්ධ විරෝධයක් නොමැති බව උන්වහන්සේ විසින් ‘‘මුස්ලිම් ජනතාව අපට ආදරෙයි’’ යනුවෙන් කර ඇති සඳහනෙන් පැහැදිලි වෙයි. සත්‍ය වශයෙන්ම සංහිඳියාවක අවශ්‍යතාව මංගල සමරවීර මහතාට, පාක්‍යසෝනි සරවනමුත්තු මහතාට සහ චමීර පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයන්ට වේ නම් මහ නාහිමියන් විසින් ‘‘මුස්ලිම් ජනතාව අපට ආදරෙයි’’ යනුවෙන් කරන ලද ප‍්‍රකාශය ඉස්මතු කොට දැක්විය යුතු ව තිබිණ. එසේ නොකොට ද්වේෂ සහගත ආකාරයට මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප‍්‍රකාශය විකෘති කොට දැක්වීමෙන් ඔවුන් සත්‍ය සංහිඳියාවට එරෙහිව කටයුතු කරන්නන් බව තහවුරු වෙයි. බෙදුම්වාදී සහ ජාතිවාදී පදනමක පිහිටා සිටිමින් දීර්ඝ කාලයක සිට වෛරී ප‍්‍රකාශ නිකුත් කිරීම් සහ වෛරී ක‍්‍රියාකාරකම් මගින් මේ රටේ පවත්නා සැබෑ සංහිඳියාව විනාශ කරදමන්නට නොහැකි වූ විට මෙලෙස බෞද්ධ නායකත්වයට එරෙහිව කුමන්ත‍්‍රණ කරනුයේ බෞද්ධයන් කිපී ද්වේෂ සහගත ආකාරයෙන් ඔවුන්ට එරෙහිව කටයුතු නොකරන බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය. එහෙත් මෙහිදී අවධාරණ කොට ඔවුනට කිව යුතු කරුණක් වන්නේ බෞද්ධයාගේ ඉවසීම නිවටකමක් ලෙස නොසැලකිය යුතු බවයි.

බෝම්බ පුපුරුවා හැරීම්, නීති විරෝධී ලෙස ආයුධ රැස් කොට තබාගැනීම් හා පරිහරණය කිරීම්, මරාගෙන මැරීමේ ම්ලේච්ඡුත්වය, සිංහල කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක් කිරීම්, විවිධ ආගමික අන්තවාදයන් ඉගැන්වීම් සඳහා නීති විරෝධී ක‍්‍රියාකාරකම් ඇතුළු නොයෙකුත් ආකාරයෙන් මානව හිමිකම් කඩවීම් සහ සදාචාර විරෝධී ක‍්‍රියාවන් සිදු වෙද්දී දෑස පියාගෙන සිටි, ඇතම් විට එකී සදාචාර විරෝධී ක‍්‍රියාවන් සාධාරණීකරණය කරන පිරිස් මේ රටේ සැබෑ සංහිඳියාවට බාධාවක් බව මෙහි දී සඳහන් කළ යුතු ය. ආගමික අන්තාදී වුවමනාවන් සඳහා පහසුකම් සපයන ආකාරයට ඊට එරෙහි වන අයට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් හා සත්‍ය සිද්ධීන් ද්වේෂ සහගතව විකෘති කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන සරවනමුත්තු වැනි ඇත්තන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු ය. චමීර පෙරේරා වැනි රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන අඩුම තරමින් අදාළ වීඩියෝව නැරඹීම වත් නොකොට අනුන් විසින් සපයන ලද පිටපතක් කියැවීමෙන් මේ රටේ අද්විතීය ආගමික නායකත්වය වන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපහාස කරන අයට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක විය යුතු ය.

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කරන ලද පැමිණිල්ලක් මුල් කරගෙන මේ වන විට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැච්ලට් විසින් ද කනගාටුව ප‍්‍රකාශ කර ඇති බව 2019.06.26 දින පුවත්පත් වාර්තා කර තුබුණි. කරුණු නොසොයා එතුමිය විසින් කරන ලද කනගාටුව ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එතුමියගේ බුද්ධිය පිළිබඳව අපගේ කනගාටුව ප‍්‍රකාශ කරමු. ලෝකයේම මානව හිමිකම් පිළිබඳ ව පෙනී සිටිනවා යැයි කියන ජගත් සංවිධානයක ප‍්‍රධානියකු ඒ තරමට අදූරදර්ශී අමනෝඥ ආකාරයෙන් ක‍්‍රියා කිරීම කිසිසේත් ම පිළිගත නොහැක්කකි. එක් පැමිණිල්ලක් මුල් කරගෙන මානව හිමිකම් කොමසාරිස් කරුණු නොසොයා කරන ලද ප‍්‍රකාශයත් ආගමික අන්තවාදය පිළිබඳ පැමිණිලි දහස් ගණන් ඉදිරිපත්ව තිබියදීත් ඒ ගැන මුනිවත රැකීම සහ පක්ෂග‍්‍රාහී බවක් පෙන්වීමත් නිසා ඇය තනතුරින් ඉල්ලා අස්විය යුතු ය. ජගත් සංවිධානයක ප‍්‍රධානියකු වශයෙන් පක්ෂග‍්‍රාහී ව කරුණු නොසොයා කටයුතු කිරීම බරපතළ වරදක් බව මෙහිදී මානව හිමිකම් කොමසාරිස්ට පෙන්වාදෙනු කැමැත්තෙමු.

ආගමික කටයුතුවල යෙදී සිටි දරුවන් ඇතුළු සිය ගණනක් සිංහලයන් මරා දමද්දීත් අන්තවාදී මුස්ලිම් නායකයන් මුස්ලිම් තරුණයන් ආයුධ ගැනීමට පොළොඹවන ආකාරයේ ප‍්‍රකාශ කරන විටත්, මුස්ලිම් පල්ලිවල සිය ගණනින් ආයුධ හමුවන විටත් ඒවා සම්බන්ධයෙන් ඇතැම් අන්තවාදී මුස්ලිම් නායකයන් ‘ඔච්චම්’ සහගත ප‍්‍රකාශයන් කරද්දීත් සිංහල මව්වරුන් වඳ භාවයට පත් කරන මුස්ලිම් වෛද්‍යවරුන් පිළිබඳ දහස් ගණනක් පැමිණිලි ලැබෙද්දීත් කනගාටුවක් නොදැනුණු මානව හිමිකම් කොමසාරිස්ට විකෘති කරන ලද ප‍්‍රවෘත්තියක් මුල් කරගෙන කනගාටුවක් ඇති වීම පුදුම සහගත ය. රට බෙදා වෙන් කිරීමට කැස කවන අන්තවාදී, බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධානයක එකම පැමිණිල්ලක් වෙනුවෙන් මානව හිමිකම් කොමිසම සිය කනගාටුව ප‍්‍රකාශ කිරීමෙන් මානව හිමිකම් කොමිසම බෙදුම්වාදී, අන්තවාදී රාජ්‍ය නොවන සංවිධානවල ම දිගුවක් ද යන සැකය මහජනතාව තුළ ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇත.

එබැවින් සැබෑ සංහිඳියාවක් අපේක්ෂා කරන්නේ නම් අතිගරු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට එරෙහිව කරුණු නොසොයා හෝ කරුණු විකෘති කරමින් මංගල සමරවීර මහතා, පාක්‍යසෝති සරවනමුත්තු මහතා සහ චමීර පෙරේරා ආදීන් හා මානව හිමිකම් කොමිසම ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන, උත්තරීතර බෞද්ධ නායකත්වයට එරෙහි අවලාද නැගීම සම්බන්ධයෙන් සමාව ගත යුතුය. එසේ නොවන්නේ නම් ජනතාව ප‍්‍රකෝප කරවන, ජනතාව අතර අසමගිය ඇතිකරවන ආකාරයට කටයුතු කරන, ප‍්‍රවෘත්ති විකෘති කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද අපි කටයුතු කරන්නෙමු. එසේම ජාත්‍යන්තර අරමුදල් ලබාගැනීම සඳහා රට අවුල් කරන මාධ්‍ය සංදර්ශන පැවැත්වීම පහත් කි‍්‍රයාවක් බවද සදහන් කරමු.

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්ථවිර
ජාතික විද්වද් භික්ෂු සංසදයේ කැඳවුම්කරු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More