පෙර දැනුම් දුන් පරිදි අද (30) මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තිය සමිති පවසයි.
ඒ කොළඹ වරායේ සිට කොලොන්නාව ගබඩාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නළ මාර්ගයේ ඉතිරි මීටර් 140 ක ප්‍රමාණය ප්‍රතිසංස්කරණයට ඉඩ නොදීම හේතුවෙනි.
කෙසේ වෙතත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ මෙම ගැටලුව ඉදිරි දින කිහිපය තුළ විසඳීමට අගමැතිවරයා පොරොන්දු වූ බවයි.
කොළඹ වරායේ සිට කොළොන්නාව නිමාවේ තෙල් ගබඩාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නල මාර්ගයේ කිලෝමීටර 5 න් ඉතිරි මීටර් 140 ක දුර ප්‍රමාණය ප්‍රතිසංස්කරණය පසුගිය 24 වැනිදා නතරවූයේ තෙල් ප්‍රවාහන නල මාර්ගය මත ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ විරෝධය හේතුවෙනි.
මෙය පිටුපස සිටින්නේ රවී කරුණානායක අමාත්‍යවරයා බවට චෝදනා එල්ල කරන ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති ඊයේ කියා සිටියේ මෙම නලය ප්‍රතිසංස්කරණයට ඉඩ නොදුනහොත් එළඹෙන සදුදා සිට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවන බවයි.
මේ අතර ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් ඉදිරි දින කිහිපය තුළ මෙම ගැටලුවට විසදුම් ලබා දෙන බවයි.
කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවන බව ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...