එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පූජ්‍ය දඹර අමිල හිමියන්ට ප්‍රසිද්ධ විවාදයක් සඳහා ආරාධනා කළේය.
ඒ මහ නායක හිමිවරුන් බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් පසෙකලා ක්‍රියා කරන බවට පසුගියදා පූජ්‍ය දඹර අමිල හිමියන් කළ ප්‍රකාශය පිළිබඳවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩි දුරටත් සඳහන් කළේ එම ප්‍රසිද්ධ විවාදයට පෙර තමන් අසන ප්‍රශ්න කිහිපයකට උන්වහන්සේ පිළිතුරු ලබාදිය යුතු බවයි.
“මහනායක මූලස්ථානවලින්, බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම් පසෙකලා ඒකට පස්ස පැත්ත හරවලා තමන් මේ වෙනකොට වළඳපු දේවල් සහ අනාගතයේ වළඳන්න හිතාගෙන ඉන්න දේවල් ඉලක්ක කරගෙන බුදුබණ කණපිටට හරවලා හෘද සාක්ෂියට එරෙහි යම් යම් දේශනා සමාජ ගත කරන්න උත්සාහ කරගෙන තිබෙනවා.
”අසාර්ථක දේශපාලනඥයන්ගේ එකම අවිය වන්නේ ජාතිවාදය සහ ආගම්වාදයයි.අද මහින්ද රාජපක්ෂගෙන් දකින්නේ ඒකයි.
රතන හාමුදුරුවන්ගේ දකින්නේ ඒකයි.විමල්ලා උදය ගම්මන්පිලලාගෙන් දකින්නේ ඒකයි. අස්ගිරියෙන් දකින්නේ ඒකයි. කාදිනල් තුමාගෙනුත් සමහර වෙලාවට දකිනවා. ඒකටත් කුඩුවෙන්න ගහන්න ඕන.” යනුවෙන් පසුගිය දා දඹර අමිල හිමි විසින් ප්‍රකාශයක් සිදු කරනු ලැබීය. දඹර අමිල හිමි විසින් වෛරී සහගත ලෙස මෙවන් ප්‍රකාශයක් කිරීමට ඇති සුදුසුකම කුමක්දැයි එහිදී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්න කර සිටියේය. මේ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට මාධ්‍ය ඉදිරියට පැමිණෙන ලෙසත් විවාදය මාධ්‍ය ඉදිරියේ පවත්වන්න පෙර ප්‍රශ්න කිහිපයකට උත්තර දිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...