දේශීය පුවත්

කිරින්ද මුහුදු වෙරළ තිරයේදි ඉකුත් (22) දා සැඩ රළ පහරට හසු වි අසාධ්‍යයව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මිය ඊයේ (29) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් වු බව වාර්තා වේ.

හසිනි විජේසුරිය මහත්මිය නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කල අතර එම බැංකු ශාඛාවේ සෙසු නිලධාරින් සහ හසිනි විජේසුරිය මහත්මියගේ සැමියා දියණියන් දෙදෙනා සමඟ යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදි 22 දින හසිනි විජේසුරිය මහත්මියගේ පවුලේ උදවිය සැඩ රල පහරට හසු විමෙන් සැමියා සහ දියණියන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වුණි.

සැඩ පහරට හසු වු හසින් විජේසුරිය මහත්මිය අසාධ්‍යය තත්ත්වයේ සිටි නිසා තිස්සමහරාම රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙත මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතින් විසින් ඇයව කොලඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන විත් ඇතුලත් කර තිබුණි.

ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉකුත් 25 දින හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කර හත් දවසේ දානමය පින්කම පවුලේ ඥාතින් සහ හිතවතුන් විසින් ඊයේ (29) රාත්‍රි හැටන් නිවසේදි සිදු කර අැත.

ජිවිතක්ෂයට පත් හසිනි විජේසුරිය මහත්මියගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More