Uncategorized

රුසියාවේ රාජ්‍ය සමාගමක් වන රොස්බාරොන් ආයතනය මගින් වව්නියාවේ ගුවන් හමුදා කඳවුර භූමියේ හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එම සමාගමේ මෙරට නියෝජිතයකු මගින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

2015 වර්ෂයේදී අදාළ යෝජනාව එම සමාගම ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ඩොලර් මිලියන දහ නවයක පිරිවැයක් දරන බව සඳහන් කර තිබේ. ඒ සමග එවකට ගුවන් හමුදාව ප්‍රකාශ කර සිටියේ ඒ තරම් මුදලක් වැයකිරීම නිෂ්ඵල බවය. ඉන්පසු එම ව්‍යාපෘතිය ඇනහිටියේය.

කෙසේ වෙතත් මෙවර එම සමාගම යෝජනා කර ඇත්තේ ඩොලර් මිලියන හතළිහක් වැය වන බවයි.

කෙසේ වෙතත් හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරන ආයතනයක් මෙරට ආරම්භ කළද වෙනත් රටවල යානා අලුත්වැඩියාවට මෙරටට නොපැමිණෙන බව ආරක්ෂක අමාත්‍යාංශයයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය. දැනට ඉන්දියාවේ හා වියට්නාමයේ එවැනි යානා අලුත්වැඩියා කරන ආයතන ඇති නිසා ඒවාට වැඩි ඉල්ලුමක් පවතින බව ඔහු පවසයි.

මීට පෙර එම සමාගම ඩොලර් මිලියන එකසිය අනූවකට ශ්‍රී ලංකාවට නැවක් ලබාදීමටද සැලසුම් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More