දේශීය පුවත්

අද පැහැදිලි ලෙසම සෑම ක්‍ෂේත්‍රයකටම දේශපාලනය ඇතුල් වෙලා. නඩු පැවරීමේදී ඇමතිවරයා නීතිපතිවරයාව ගෙදරට ගෙන්වාගෙන නඩු පැවරිය යුතු අය ගැන උපදෙස් දීම ගැන අද සමාජයේ කතාවෙනවා යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රාජපක්‍ෂ මහතා ඒ බව පැවසුවේ මාතරදී පැවති මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතීඥ සංගමය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා,

‘පසුගිය යුගයේ අපට චෝදනා කළා, අධිකරණයට බලපෑම් කළා, දේශපාලන පත්වීම් සිදු කරා කියලා. අපි හිටපු අගවිනිසුරුතුමිය ඉවත් කළේ පාර්ලිමේන්තු කොමිසමක් පත්කර ඒ මඟින් පරීක්‍ෂණ කරලා. දැන් මෙම ආණ්ඩුවේ සිටින අපට චෝදනා කරන ඇමතිවරුත් එම කොමිසමේ සාමාජිකයින්ව සිටියා. පාර්ලිමේන්තුවේ සම්මත වී මගේ ළඟට ආවාම මම එතුමියට දැන්වුවා ඉල්ලා අස්වෙන්න කියලා. නමුත් එය නොවුණු නිසා මට සිදු වුණා ඇයව ඉවත් කරන්න. එම ක්‍රමය වැරදියි කියලා බලයට ආපු ආණ්ඩුව මොහාන් පීරිස් අගවිනිසුරුතුමාව අයින් කළේ කිසිම නීතිමය පදනමකින් තොරවයි. අප දෙගොල්ලො අතර වෙනස එයයි. අද අධිකරණ ක්‍ෂේත්‍රයේ පත්වීම් ලැබෙන ආකාරය දැක්කම, උසස්වීම් ලැබෙන ආකාරය දැක්කම හිතාගන්නවත් බෑ පහළ ඉඳල ඉහළට යන විදිය.

පාර්ලිමේන්තුවේදී වැරදි නීති සම්මත වුණාම ඒවා ක්‍රියාත්මක කිරීමට විනිසුරුවන්ට සිදු වෙනවා. විශේෂ අධිකරණ පිහිටුවලා කරන්නේ එයයි. දැන් චෝදනා ගොනුකරන්නේ නීතිපති නොවෙයි. පාර්ලිමේන්තුවේ හදන නීති ක්‍රියාත්මක කරන්න ගියාම අගවිනිසුරුවරයත් අපහසුතාවයට පත්වෙනවා. අගවිනිසුරුගේ කාර්යභාර්ය නඩු තෝරා උසාවි වලට බෙදා හැරීම නොවෙයි.

අධිකරණ ක්‍ෂේත්‍රයට ඇමරිකානු උදේශකවරුන් පත්කරගන්න හදනවා. ඇමරිකානු රාජ්‍ය සමාගමකින් පාර්ලිමේන්තුවේ උපදේශකවරයෙකුට පඩි ගෙවනවා. මේ කාගෙ උවමනාවකටද? පාර්ලිමේන්තු උපදේශකවරයෙකු අවශ්‍ය නම් ලංකාවෙන් පඩි ගෙවන්න තිබුණා. එයට කවුරුවත් විරුද්ධ වන්නේ නැහැ. අද එෆ් සී අයි ඩී (FCID) එකට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට වැනි හැම තැනකටම ඔවුන් ඇතුල් වෙන්න හදනවා. ඇමරිකානු නීති අපට මොකටද? එහෙම නීති මෙහෙ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇමරිකානු නීතිය ගේන්න හදන්නේ ආණ්ඩුව අත්සන් කරන්න යන ත්‍රිකුණාමලය – කොළඹ ආර්ථික තීරුව, සෝෆා ගිවිසුම් වැනි දෙ නිසාදැයි අපට සැකයක් තිබෙනව’

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංගමයේ මහ ලේකම් අතුල සිල්වා යන මහත්වරුන්ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More