ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එකතු කොට වෙනම සංධානයක් පිහිටුවන්නැයි ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ කිීපයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ ප්‍රජාතන්ත්‍රවාදී හා වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඉකුත් අඟහරුවාදා විපක්ෂ නායකවරයාට මේ බව සඳහන් ලිපිය බාරදී ඇතැයි වාර්තා වේ.
එම පක්ෂ තුනට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ දේශවිමුක්ති ජනතා පක්ෂය ද විපක්ෂ නායකවරයාගේ මෙම ඉල්ලීම් කර ඇති බවද දැනගන්නට ලැබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...