මත්කුඩු චෝදනා මත මරණ දඬුවම් ලැයිස්තුවේ සිටින 18 දෙනා අතරින් පළමුව එල්ලුම්ගහට යන සිව්දෙනා කවුරුන්ද? යන්නන් කවදා එල්ලා මරන්නේද? යන්නන් මෙතෙක් හෙළි නොවීම නිසා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි ලෙස කැළඹීමට පත්ව සිටින බවද දැනගන්නට තිබේ.
මේ අතර ඇතැමකු අදාළ තීරණයට එරෙහිව ජනාධිපතිවරයාට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට යුහුසුළු වන බවත්, තවත් පිරිසක් එල්ලුම්ගහ ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා අවශ්‍ය දේශීය හා විදේශීය බලපෑම් කිරීමට තම පවුල්වල සාමාජිකයන් පොළඹවන බවත් සඳහන්ය.
මෙම ජනාධිපති තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම, සිරකරු අයිතිවාසිකම් සුරුකීමේ කමිටුවේ නියෝජිතයන් පිරිසක් 26 වැනිදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හමුවී පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇතැයිද කියති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...