Notice Board

වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයෙන් ජූලි 04 වැනිදා සවස 3:30ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැවැන්ත ජන රැලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාව ඇමෙරිකානු ගොදුරු බිමක් බවට පත් කිරීමටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අරාබිකරණ ව්‍යාපෘතියට හා ඒහා බැඳුණු වහාබ්වාදී අන්තවාදයටත් වහාබ්වාදී අන්තවාදය රකින ආණ්ඩුවේ ඇමතිවරුන්ට මෙන්ම ඇමෙරිකානු න්‍යාය පත්‍රය හිසමත තබාගෙන, වහාබ්වාදී අන්තවාදී මැතිඇමතීන් පෝෂණය කරන ආණ්ඩුවටත් එරෙහිව මෙම දැවැන්ත ජන රැලිය කැඳවන බව එහි කැඳවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

මෙම දැවැන්ත ජන රැලිය අමතා ඉහත ජනතා ව්‍යාපාරයේ නායකයන් වන මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, කලා ශිල්පී මධුමාධව අරවින්ද,රංගන ශිල්පිනී අනූෂා දමයන්ති යන මහත්ම මහත්මීන් අදහස් දැක්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More