වහාබ් අන්තවාදය ට එරෙහි ජනතා ව්‍යාපාරයෙන් ජූලි 4 වැනිදා සවස 3.30 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ජන රැළියක් පැවැත්වෙන බව එහි කැඳවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
ශ්‍රී ලංකාව ඇමරිකානු ගොදුරු බිමක් බවට පත් පත් කිරීමටත්, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අරාබි කරණය ව්‍යාපෘතියට හා ඒ හා බැඳුණු වහාබ් අන්තවාදයටත්, වහාබ්අන්තවාදය රකින ආණ්ඩුවේ ඇමතිවරුන්ට මෙන්න්ම ඇමරිකානු න්‍යායපත්‍රය හිස මත තබාගෙන වහාබ්වාදී අන්තවාදී මැති ඇමතීන් පෝෂණය කරන ආණ්ඩුවටත් එරෙහිව මෙම දැවැන්ත ජන වැඩිය කැඳවන බව ධම්මරතන හිමියෝ කියා සිටිති.
ඉහතහ ජනතා ව්‍යාපාරයේ නායකයන් වන මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, මහාචාර්ය මැදගොඩ අබේතිස්ස, ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමිවරුන්ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද රියර් අද්මිරාල් අාචාර්ය වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, කලා ශිල්පී මධුමාධව අරවින්ද රංගන ශිල්පී අනුෂා දමයන්ති යන මහත්ම මහත්මීහු ද මෙම රැලිෙය් අදහස් දක්වති.






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අලුත් බෝතලේ පරණ වයින්..