පුරවැසි කොලම

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මික කියයි

අනුරාධ හිරිපිටියගේ

විදුලි ඒකකයක මිල තීරණය කිරීමට සහ විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඇති බලතල විදුලිබල ඇමැතිවරයාට පවරා ගැනීමට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ (වි.පා.ස) කැඳවුම්කරු සංජීව ධම්මික මහතා ඊයේ (26 දා) පැවසීය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස විදුලි ඒකකයක මිල රුපියල් හතකින් පමණ ඉහළ යෑමේ අවදානමක් පවතින බව ද ඒ මහතා කීවේය.

ඔහු මේ බව සඳහන් කළේ ‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ’ ( වි.පා.ස* ඊයේ (26 වැනිදා* පෙරවරුවේ කොළඹ 10, විනයාලංකාර මාවතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණු කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවකට එක්වෙමිනි.

එහිදී සංජීව ධම්මික මහතා මෙසේ ද කීවේය.

විදුලි බල වංචාව බැඳුම්කර මගඩියට වඩා ලොකුයි. විදුලි ¥ෂණ දැන් එකින් එක හෙළි වෙන්න පටන් ගෙන තිබෙන නිසා විදුලි බල පනත සංශෝධනය කරලා මහජන උපයෝගීතා කොමිසමේ බලතල ඇමැති යටතට ගන්න හදනවා. එවිට විදුලි වංචා හොර රහසේ කරගත හැකියි. ඒ නිසා විදුලි බල පනත සංශෝධනයට මැති සබයේදී ඡන්දය දීලා ගමට එන්න එපා කියලා අපි මැති ඇමැතිවරුන්ට කියනවා.

ජනතාව වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඇති බලතල ඇමැතිවරයා පවරා ගත්තොත් හය ලක්‍ෂ පනස්දහසක් වන විදුලි පාරිභෝගිකයන් සමග මහ පාරට ඇවිත් අපි සටන් කරනවා.

දේශීය සූර්ය බලාගාර හිමිකරුවන් එක් විදුලි ඒකකයක් රු.18කට දෙන්න සූදානමින් ඉන්නේ 2016 වසරේ සිටයි. නමුත් ආණ්ඩුව ඔවුන්ගෙන් මිලදී නොගෙන තුර්කි නැවෙන් ඒකකයක් රුපියල් 26.20 බැගින් මිලදී ගන්න කැබිනට් පති‍්‍රකාවක් දානවා.

ඒ මදිවාට මේ වෙනුවෙන් තුර්කි නැව අයිති ‘කැරඩනිස් හෝල්ඩින්’ සමාගමට තෙල් ආනයන බලපත‍්‍රයක් දෙන්නත් කැබිනට් පති‍්‍රකාවේ දානවා. සියලූ ආදායම් බදුවලින් මේ සමාගම නිදහස් කරලා එම බදු විදුලි බල මණ්ඩලයෙන් දැරිය යුතුයි කියලා යෝජනා කරනවා. ඩොලරයේ අගය උච්ඡුාවචනය වන විට අදාළ සමාගමට පාඩු වෙනවාවම් එයත් දැරිය යුතු වන්නේ විදුලි බල මණ්ඩලයයි. සම්පේ‍්‍රෂණ බලාගාර ඉදිකළ යුතු වන්නේත් විදුලි බල මණ්ඩලයයි. ඒ අනුව ගත් විට ඒකකයක් රුපියල් 26.20යි කිව්වාට අපේ ගණනය කිරීම්වලට අනුව එය රුපියල් 40.00ක් විතර වෙනවා. මේවා ඇතුළේ අපට නොපෙනෙන මොන මොන ගනුදෙනු වෙනවා ද කියා අප දන්නේ නෑ. දැන් හදන්නේ මහජන උපයෝගීතා කොමිසම පැත්තකට කර ඇමැති අතට තනි බලතල ගෙන තුර්කි නැවෙන් විදුලිය ගැනීමේදී වන පාඩුව ජනතාව පිට පටවා විදුලි ඒකකයක් රුපියල් හතකින් පමණ ඉහළ දමන්නයි.

ඒ මදිවාට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට 2019 මාර්තු සිට තවමත් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත්කර නෑ. එය කළ යුත්තේ අගමැතියි. එය පත් නොකරන්නේ විදුලි වංචා හෙළි වන එක වළක්වා ගන්නයි. අපි අගමැතිතුමාට කියනවා ‘රට අකමැති අගමැති’ නොවී මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් කරන්න කටයුතු කරන්න කියලා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More