දේශීය පුවත්

ඉස්ලාම් ආගමේ කුරානය තුළ කිසිදු තැනක මරාගෙන මැරෙන ප්‍රහාරයන් අනුමත කර නොමැති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මේ වන විට සාක්ෂි ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එක් ජීවිතයක් මරනවා යනු මුළු මහත් සමාජයම මරණවා යනු බවත් පැවසු හිටපු අමාත්‍යවරයා, තමා මරාගෙන මැරෙන සංකල්පය ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේය.

මේ සංකල්පය සම්පූර්ණයෙන්ම ශ්‍රි ලංකාවෙන් තුරන් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවසු හිටපු අමාත්‍යවරයා, සියලු දෙනා ජාති භේදයෙන් එකතු වී මෙය සිදු කල යුතු බව ද පැවසීය.

මේ අතර, අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රශ්න කර සිටියේ, හිටපු අමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් තුළින් එල්ල වී ඇති චෝදනාවලින් සතොස වැනි ආයතනවල රථ වාහන පරිහරණය කරමින් ත්‍රස්තක්‍රියාවලට සහය වු බව පවසා ඇති බවයි.

එහිදී පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, තමා සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් වෛරයෙන් යුතුව කටයුතු කරන බවත් ඔවුන් විවිධ චෝදනා කරමින් තමා අපහසුතාවයට පත් කරන බවත්ය.

එස්.බී.දිසානායක මහතා හා විමල් වීරවංශ මහත්වරුන් මාධ්‍යෙයන් තමාට අපහස කලද කිසිවිටෙකත් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකල බව ද සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, දේශප්‍රේමීන් ලෙස කථා කරන මන්ත්‍රීවරු ඒ වෙනුවෙන් ක්‍රියා නොකල බව ද පැවසීය.

තමා කිසිවිටෙකත් වැරදි වැඩවලට උපදෙස් ලබා නොදෙන බවත් පැවසු හිටපු අමාත්‍යවරයා, සතොස වාහන ත්‍රස්ත ක්‍රියාසඳහා යොදා ගත්තැයි පැවසීම බරපතළ චෝදනාවක් බවද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More