දේශීය පුවත්

ගර්භාෂ සංහාරයක නිරතව සිටි ෂාෆි වෛද්‍යවරයා  සැබෑ තොරතුරු පෙන්වා දුන් මාධ්‍යවේදීන් අගයනවා වෙනුවට ඔවුන්ට දඬුවම් කරන්නේ නම් එය රජය කරන බරපතළ වැරැද්දක් යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙය් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

මේ වන විට ෙෙවද්‍යවර එරෙහිව මවුවරුන් දහසකට අධික ප‍්‍රමාණයක් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව දල ඒ අනුව පරීක්‍ෂණ පැවැත්විය යුත්තේ එය හෙළිකළ මාධ්‍යවේදියා වෙනුවෙන් නොව අදාළ වෛද්‍යවරයාට එරෙහිව යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

සමාජයේ සැඟවුණු තොරතුරු හෙළිදරව් කිරීම මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය සහ යුතුකම වන බව දල එසේ හෙළිකරන තොරතුරු සත්‍යය ද අසත්‍යය ද යන්න සොයා බැලීමට රටේ යාන්ත‍්‍රණයක් තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

සිදුවූ දේවල් පමණක් නොව ඉදිරියේදී ඇතිවිය හැකි දේ සම්බන්ධයෙනුත් පෙන්වාදීම මාධ්‍යවල වගකීමක් වන බව දල මාධ්‍යවේදීන් සෑම ප‍්‍රවෘත්තියක් පිළිබඳවම පරීක්‍ෂණ පවත්වා අවසාන ප‍්‍රතිඵලය රටට ඉදිරිපත් නොකරන බව ද කී මැදගොඩ අභයතිස්ස හිමියෝ එසේ කරන්නේ මරණ පරීක්‍ෂකවරුන් යැයි ද කීහ.

සාෆි වෛද්‍යවරයා සිදුකළේ යැයි කියන ගර්භාෂ සංහාරය ගැන විධිමත් පරීක්‍ෂණයක් පවත්වා අවසාන ප‍්‍රතිඵලය රටට හෙළි කළ යුතු බව දල එසේ නොකර අසාධාරණය යටපත් කරමින් මාධ්‍යවේදීන්ට දඬුවම් කරන්නේ නම් ඊට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More