පොහොට්ටු පාර්ශවයේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීම ඉදිරි දේශපාලන පෙරළියක සලකුණක් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
පසුගියදා සිදුවූ මේ ආගමනය වසර 4 කට පමණ පසුව සිදුවූවක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංධානය කිරීමේ උත්සාහය මේ පසුපස තිබෙන බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දීම සදහා ශක්තිමත් පෞරුෂයක් ඇති ජේෂ්ඨ නායකයකු අවශ්‍ය බවට එම පක්ෂ අභ්‍යන්තරයේ දැඩි කතා බහක් මතුව තිබේ.
ශ්‍රිලනිප සභාපති ජනාධිපති සිරිසේන වන අතර ඔහු ජනාධිපතිව සිටියදී පක්ෂය බේරා ගැනීමට නොහැකි වූ බවත් පක්ෂ ඉතිහාසයේ බිහිවූ දුර්වලම නායකයා වන වත්මන් නායකත්වයෙන් පක්ෂය බේරගන්න අවශ්‍ය බවත් එම කතාබහේ පවතී.
විශේෂයෙන් රාජපක්ෂ පාර්ශවය සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපති සිරිසේනගේ දුර්වල පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කරන බවත් පක්ෂයේ කොටසක් කඩාගෙන නිදහසේ යාමට ඔවුන්ට අවස්ථාව ලැබුණේද ඒ අනුව බවත් ශ්‍රිලනිප අභ්‍යන්තර කතාබහ තුළ පවතී.
කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොස් ඇත්තේ එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් පැවති පිරිත් දේශන අවස්ථාවට සහභාගි වීම සඳහාය.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර ඔහුව බදා ගනිමින් ඉතා සුහදව පිළිගනු ලැබ තිබේ. එය සුභ ලකුණක් බව රැස්ව සිටි පිරිස් අතර කතාබහට ලක්වූ බවද වාර්තා වේ.
ISN
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...