හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේදී ආරක්ෂක ඇමැතිවරයා හෝ රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා පාර්ලිමේන්තුව තුළ නොසිටීම පිළිබඳව විපක්ෂයේ මන්තී‍්‍රවරු ආණ්ඩුවට චෝදනා කළහ.
මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ (27 දා) පැවැති අතර යෝජනාව සභාවට ඉදිරිපත් කරන ලද්දේ සභානායක ලක්ෂ්මන් කිිරිඇල්ල මහතා විසිනි. විවාදය ආරම්භ කළේ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා විසිනි.
සාමාන්‍යයෙන් හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ආරක්ෂක ඇමැති, ආරක්ෂක රාජ්‍ය හෝ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා විසිනි. යුද්ධය පැවැති සමයේදී දීර්ඝ කාලයක් හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව ගෙන එනු ලැබුවේ හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා විසිනි.
අදාළ යෝජනාව සභානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා කියා සිටියේ එය සාමාන්‍යයෙන් සිදුකළ යුතු වන්නේ ආරක්ෂක ඇමැති හෝ වත්මන් රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා විසින් බවයි.
තමන් ද ඒ බව පිළිගන්නා බව කී සභානායකවරයා ඔවුන් දෙදෙනාම සභාවේ නොමැති නිසා ආණ්ඩුව වෙනුවෙන් තමන් යෝජනාව ඉදිරිපත් කරන බවත් නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා විසින් විවාදය ආරම්භ කිරීමට සූදානම් බවත් කීය.
ඒ අනුව ආරක්ෂක ඇමැතිවරයකු නොමැතිව හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදය ආරම්භ කළ අතර ඇමැතිවරුන් නොසිටීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවට දැඩි ලෙස චෝදනා නඟමින් සිටියදී දහවල් 12 ට පමණ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධන මහතා සභාවට පැමිණියේය.
විවාදය අතරතුර ද ආණ්ඩු පක්ෂයේ පැමිණීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්තී‍්‍රවරු දැඩිව විවේචන කරමින් කරුණු දැක්වූ අතර පස්වරු 2.25 ට පමණ සභාවේ ගණපූරණය නොමැති නිසා සීනුව කැඳවා සභාවට මන්තී‍්‍රවරු ගෙන්වා ගැනිමට ද සිදු විණි.
එහිදීද සභාව පවත්වාගෙන යෑමට අවශ්‍ය ගණපූරණය සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්තී‍්‍රවරුන් තිදෙනකු පමණක් සිටීම ද විශේෂත්වයක් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...