මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ පුද්ගයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් පාර්පැශව කිහිපයක්වැ මේ වනවිට තම විරෝධය ප්‍රකාශ කර ඇත.
ඊයේ(27) මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වූ අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පැවසුවේ එම තීරණයට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බවයි.
මරණ දඬුවමෙන් පමණක් රටේ ප්‍රශ්න විසඳෙන්නේ යැයි විස්වාස නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාට තම ධුර කාලයේ ඉතිරි මාස තුන සතුටින් ගත කිරීමට කාරණාවක් පමණක් වනු ඇතැයිද ඔහු පැවසීය.
මේ අතර මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට ශ‍්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එහි සඳහන් වන්නේ මරණ දඬුවම යනු අමානුෂික සහ පහත් මට්ටමේ දඬුවම් කි‍්‍රයාවලියක් වන බවය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකා බලධාරීන් තීරණය කළත්, ඒ හරහා අපරාධ වැළැක්වීමට අපොහොසත් බව අධ්‍යයනයන් මගින් ද හෙළිවී ඇති බව එම සංගමය අවධාරණය කර ඇති අතර මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට තීරණය කිරීම තුළින් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරයට වැරදි පණිවිඩයක් ලබා දෙනු ඇති බව ද යුරෝපා සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ මරණ දඬුවම නියම වූ සියළු දෙනාට එය ක‍්‍රියාත්මක කරන බව නොව මත්ද‍්‍රව්‍ය ජාවාරම් කිරීමට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූවන්ට එය ක‍්‍රියාත්මක කරන බවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...