දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබේ. ඒ, ඊයේ (26) රාත‍්‍රියේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි මන්ත‍්‍රීවරයාගෙන් විමසීමක් කළ අතර එහිදී සඳහන් කෙරුණේ සිය ස්ථාවරය වන්නේ ජනාධිපතිවරයා බවයි.

මෙසේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය තීරණය ප‍්‍රකාශයට පත් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට අදාළ සාකච්ඡා ක‍්‍රියාත්මක වෙමින් තිබියදී වීමද විශේෂත්වයකි.

කෙසේවෙතත් දෙපාර්ශ්වයේම නියෝජිතයින් ඉකුත් දිනවල ප‍්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණයේදී තුන්කොන් සටනකට යාමට කටයුතු නොකරන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More