“පාක්‍යසෝති සරවනමුත්තු නැමැති රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයා අස්ගිරි මහ නාහිමියන්ට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා, ‘ජාතිවාදී ගිනි ඇවිලවීමට තැත් කළා’ යන පදනම යටතේ. උතුරු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ සී. ඒ. විග්නේෂ්වරන් මෙන්ම උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සිවාජිලිංගම් පසුගිය වසර 04 පුරා සිංහල ජනතාව ප්‍රකෝපයට පත් කරන ජාතිවාදී ප්‍රකාශ දිගින් දිගටම සිදු කරනු අපට දැකගත හැකි වුණා. ඒ වගේම පසුගිය පාලන සමයේ අසාද් සාලි ඉන්දියාවේදී පවසා තිබුණා, ‘මුස්ලිම් තරුණයන්ට ළඟදීම අවි ආයුධ ගැනීමට සිදු වේවි’ කියා. මෙවැනි අන්‍ය ජනකොටස් ප්‍රකෝපකාරී කරවන, අගතියට පත්වන ප්‍රකාශ සිදු කළ අවස්ථාවල පාක්‍යසෝති සරවනමුත්තුගේ ‘එන්ජීඕ පඩුපුල් ආසනය’ උණු වන බවක් අප නම් දැක නැහැ. ඒ කිසිම අවස්ථාවක පාක්‍යසෝති සරවනමුත්තු පොලිස් පැමිණිලි ඉදිරිපත් කළ බවක් අපට වාර්තා වී නැහැ. මේ ජනතාව ප්‍රකෝපකාරී කරවන ප්‍රකාශ හමුවේ නිහඬව සිටි පාක්‍යසෝති සරවනමුත්තු ‘එන්ජීඕ බත්බැලයා’ අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශයත් සමඟ බලවත් ප්‍රතිචාර දැක්වීමට යනවා. මේ එන්ජීඕ බත්බැලයා සමඟ සමගාමීව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් ද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන දැන් වද වෙන්න පටන් අරන්.
‘බොරු පැමිණිලි’
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් පිළිබඳ වචනයක් කතා නොකළ, කඳුළක් නොහෙළපු පිරිසක් තමයි අද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන කලබල වී ඇත්තේ. සාධාරණව සිතා, අන්‍ය ජනකොටසක් ප්‍රකෝපකාරී කරවන, ඔවුන් අගතියට පත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සෑම මොහොතකම ඊට ප්‍රතිචාර දැක්වීමක් මේ අය කර ඇත්තේ නැහැ. මේ අය තුළ ඇත්තේ බෞද්ධ භික්‍ෂුවකට ප්‍රහාරයක් එල්ල කිරීමට යම් තුරුම්පුවක් ලැබුණොත් එය යොදාගෙන උපරිම ප්‍රහාරයක් එල්ල කිරීමයි. එයයි මේ අයගේ ක්‍රියා පිළිවෙත. මේ අගතිදායී ක්‍රියා පිළිවෙත වටහා ගනිමින් මේ පාක්‍යසෝති සරවනමුත්තුලාගේ පැමිණිලි සත 05කට ගණන් ගත යුතු නැහැ. අනෙක් කරුණ තමයි පාක්‍යසෝති සරවනමුත්තු මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ අස්ගිරි මහා නාහිමි කළ ප්‍රකාශය විකෘති කර උපුටා දක්වමින්. පන්සලට පැමිණි උපාසක අම්මලා කිහිපදෙනෙක් ‘දොස්තර සාෆි වැනි අහස පොළොව නුහුලනා අපරාධ කළ අයකු ගල් ගසා මැරිය යුතුයි’ කියා කී කතාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් තමයි මහනාහිමියන් සිදු කරන්නේ. ඒ උපාසක අම්මාලාත් ‘ගල් ගසා මැරිය යුතුයි’ කියන්නේ එසේ කළ යුතු නිසා නොවෙයි, ඉතා බරපතළ වරදක් සාෆි කළ බව මහනාහිමියන්ට කියන්නයි. මෙතැනදී මහනාහිමියන් හෝ ඒ උපාසක අම්මාලා හෝ කිසිවකු ගල් ගසා මැරිය යුතුයි කියා පවසා නැහැ. අපේ රටේ නීතිය අනුව කිසිවකු ගල් ගසා මරන්නත් බැහැනේ. මේ රටේ ශරියා නීතිය ක්‍රියාත්මක කළා නම් ඒකත් වෙන්න තිබුණා. බෞද්ධ සංස්කෘතිය යටතේ ‘ගල් ගසා මැරීමක්’ ගැන අපට හිතන්නවත් බැහැනේ. නමුත් සාෆි කළ අපරාධයේ සැහැසිකම පෙන්වා දෙන්නයි මේ වචන යොදා ගෙන ඇත්තේ. එය ඉතා පැහැදිලියි.
‘අස්ගිරි මහනාහිමි මට්ටු කරන්න හදනවා’
එක්සත් ජාතික පක්‍ෂයේ රටට එරෙහි ක්‍රියා පිළිවෙත නිර්භයව පෙන්වා දුන් අස්ගිරි මහනාහිමියන්ට මේ විදියට පොලිස් පැමිණිලි ඉදිරිපත් කෙරෙන කොට මංගල සමරවීරලා කාදිනල්තුමන්ට එරෙහිව වතිකානුවට පැමිණිලි ඉදිරිපත් කරනවා. මේ සියල්ලටම එකම කල්ලියක් විසින් මේ රටට එරෙහිව සිදු කරන ක්‍රියාවන් ලෙසයි වටහා ගත යුත්තේ. ‘අස්ගිරි මහනාහිමියන් සිදු කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථගන්වා පොලිස් පැමිණිලි කරන්නේ උන්වහන්සේ මට්ටු කරන්නද?’ කියා අපි දැන ගැනීමට කැමතියි. මේ පාක්‍යසෝති සරවනමුත්තුලා කියන්නේ 2015 ජනවාරි 08 බලපෙරළියට කර ගහපු අය. රට මෙවැනි උගුලකට ඇද දැමීමට කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ අය. මේ අයට ඕනෑ විදියට පොලීසිය ක්‍රියාත්මක වුවහොත් ඉතා බරපතළ තත්වයක් රට තුළ උද්ගත විය හැකියි.
– මහනාහිමිවරුන්ගේ අනුශාසනාවලට වැට බදිමින් – වහාබ්වාදී අන්තවාදයට එරෙහිව මාධ්‍යවේදීන්ට පෑන හසුරුවන්න බැරි කරමින් – රිෂාඩ් බදියුදීන්ට චරිත සහතික දෙමින් – රහස් පොලීසිය යොදා ආණ්ඩුව කරන තුච්ඡ නින්දිත වැඩ ගැන විමල් කළ සුවිශේෂ අනාවරණය2019-06-26 ජානිපෙ මාධ්‍ය හමුව
Gepostet von Wimal weerawansa am Mittwoch, 26. Juni 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...