දේශීය පුවත්

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටෙහි අරාජිකත්වයක් හටගෙන ඇතැයි ද එයට එකම විසඳුම රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පමණකැයි ද මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතීවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ඒ සඳහා ජනමත විචාරණයක් මගින් ජනතාවගේ කැමැත්ත විමසිය හැකි යැයි ද නීතිඥ තිරාණගම මහතා අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධන සිදුකිරීමෙන් මෙම වියවුල ලිහාදැමිය නොහැකි යැයි කී හෙතෙම එවැනි සංශෝධනයක් කිරීමට වුවද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සොයාගැනීම දුෂ්කර මගක් වනු ඇතැයි කීය.

එසේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සොයාගැනීම සඳහා ඊට මූලික වන පාර්ශ්වයට මන්ත්‍රීවරුන්ට දොළ පිදේනි දෙන්නට සිදුවනු ඇතැයි ද එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර කටයුත්තක් නොවනු ඇතැයි ද තිරාණගම මහතා සඳහන් කළේය.

ජනතාව රවටා ඡන්දය ලබාගැනීම මිස ජනතාවට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් උරුමකරදීමට කිසිදු දේශපාලන කණ්ඩායමකට වුවමනාවක් නැතැයි චෝදනා කළ ඒ මහතා රට වැටී ඇත්තේ අන්තිම නරක තැනකට යැයි ද පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් විවේචන කළ ද එය සම්මත කරගැනීමට හැකිවූයේ ඔහු කළ මැදිහත්වීම නිසා යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More