විදේශ පුවත්

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කෙටි නිල සංචාරයක් සඳහා ඉන්දියාව වෙත පැමිණි ඇත.

කෙසේ නමුත් අදාළ සංචාරයට එරෙහිව නවදිල්ලි නුවර අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්විය.

ඉන්දියාව, රුසියාව සහ ඉරානය සමගින් දිගුකාලයක් තිස්සේ පවත්වන ආරක්ෂක හා බලශක්ති සබදතා පිළිබද ඉන්දීය නායකයන් සමග සාකච්ඡා කිරීම පොම්පෙයෝගේ මෙම සංචාරයේ අරමුණයි.

සංචාරය අරඹමින් නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා පැවැත්වීමට පොම්පෙයෝ කටයුතු කළේය.

අගමැති මෝදි පසුගිය මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව එරට සංචාරය කළ පළමු විදෙස් නායකයා පොම්පෙයෝ වේ.

පොම්පෙයෝ ඉන්දියාව වෙත පැමිණියේ ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර වෙත සිදුකළ හදිසි සංචාරයකින් අනතුරුවයි.

කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර අමෙරිකානු ආනයන මත නව බදු පැනවීමට ඉන්දියාව කටයුතු කළේ.

ඒ බදු රහිතව අමෙරිකානු වෙළෙදපොළ වෙත භාණ්ඩ අපනයන කිරීමට ඉන්දියාවට ලබාදී තිබූ සහනය ඉවත්කිරීමට අමෙරිකාව කටයුතු කිරීමෙන් පසුවයි.

පොමපෙයෝගේ සංචාරය අතරතුර මේ සම්බන්ධවත් සාකච්ඡා කෙරෙනු ඇතැයි ඇතැම් පාර්ශ්ව අදහස් දක්වා තිබුණි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයට එරෙහිව ඉන්දියාවේ විරෝධතා සංවිධාන වී තිබුණ.

ඒ සදහා විපක්ෂයේ පක්ෂ 6ක සහාය හිමිව තිබීමද විශේෂයි.

එම විරෝධතා නවදිල්ලි නුවර අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More