දේශීය පුවත්

මේ වන විට ත්‍රස්තවාදය අවසන් වූ බවට කිසිම පුද්ගලයෙකුට ප්‍රායෝගිවකව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ බව සඳහන් කළේය.

එමෙන්ම මෙම ත්‍රස්තවාදය ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් බවත් මේ වෙලාවේදී අප සටන් කරනු ලබන්නේ නොදැකපු සතුරෙක් සමඟ බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් සාක්ෂි ලබා දෙමින් හමුදාපතිවරයා සඳහන් කර සිටියේ මෙම ත්‍රස්තවාදය වර්ධනය වීමේ තත්ත්වයක් ඉදුරාම පෙනෙන්නට නොමැති බවයි.

ත්‍රිවිධ හමුදාව සහ බුද්දධි අංශය එක්ව මෙම ත්‍රස්තවාදය වර්ධනයවීම වැලැක්වීමට තවදුරටත් කටයුතු කරන බව යුද හමුදාපති පැවසීය.

පසුගිදා හදිසි නීතිය තවත් මාස එකහමාරකින් දිර්ග කිරීමෙන් මෙම ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා තවදුරටත් ක්‍රියාකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More