පාස්කු ඉරිදා සිදු වුණ ඛේදවාචකයේ දුක් කඳුළු වේදනාව අපිට දැණුනද රට කරවන බලධාරින්ට නොදැනෙන බවත් මාස දෙකක කාලයක් ගතවිත් මෙම ඛේදවාචකයට වගකිය යුතු පිරිස් හඳුනා ගැනිමට හෝ දඬුවම් ලබා දීමට නොහැකි විම රටේම අවාසනාවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
ඉතාලියේ බ්‍රේෂියා නගරයේදි ඊයේ (25) කතෝලික ලාංකිකයන් හමුවීමේදි කාදිනල් හිමි මේ බව ප‍්‍රකාශ කළේය.
කාදිනල් හිමිපාණන් ඉතාලියේ වතිකානු සංචාරයක් අතරතුර ඊයේ දිනයේදි බ්‍රේෂියා ලාංකික කිතුණු සංඝය හමුවිමේදි මෙලෙස ප‍්‍රකාශ කල අතර වැඩි දුරටත් අදහස් දැක්වු කාදිනල් හිමිපාණන් මෙසේද පැවසීය.
“පසුගිය පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව අපිව හමු වෙන්න විවිධ දේශපාලන පක්ෂ නායකයන් ආණ්ඩුවේ නායකයන් එනවා ඒ ආපුවම අපි උපදෙස් දෙනවා මොනවද කරන්න ඔනේ කියලා. ඒත් ඒ අය අපි දෙන උපදෙස් අනුව වැඩ කරනවද කියලා රටේ වෙන දේවල් වලින් ලොකු ගැටලුවක් තියෙනවා. අපිට ඒ නිසා ඉදිරියේදි අපි දෙන උපදෙස් පිළි පදින්න ඒ අය සුදානම් නැත්නම් ඒ කිසිම දේශපාලන නායකයෙක් හමුවීම නවතා දැමිමට කටයුතු කරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
මෙම අවස්ථාවට බ්‍රේෂියා රදගුරු පියරේ අන්තෝනියෝ හිමිපාණන් සමග ඉතාලියේ ලාංකික කතෝලික අධ්‍යක්ෂ නෙවිල් ජෝ පියතුමා හා බ්‍රේෂියා කිතුණු සංඝය භාර ජෝර්ජ් ලින්ටන් පියතුමා හා ලාංකිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...